චන්ද 112000 ක් ලබාගෙන පාර්ලිමේන්තු ගිය ප්‍රසන්න රණවීර මෝදි හමුවීමට යාම අද බුකියේ ප්‍රදාන මාතෘකාව වී ඇත. ප්‍රසන්න රණවීර ඉංදියාවට යාමට නුසුදුස්සෙක් නම් සුදුස්සා කවුද?
සජිත් ප්‍රේමදාස, තිංලංග සුමතිපාල, හිටපු අධ්‍යාපන නියෝජ්‍ය ඇමති තුනේ පංතිය සමත් විජයකලා, මෛත්‍රීපාල සිරිසේන, පිරිමි මිසී මාංත්‍රීතුමා, තොන්ඩමාන්, බදුර්දීන්, තෙවරප්පෙරුම,හේෂා, හරීන්, නිහාල් ගලප්පත්ති, විජිත හේරත් ….. ඔය ආකාරයෙන් නම් වැලක් කිව හැකිය. ප්‍රසන්න රණවීර නොගොස් ඔය ඉහත කී අය හෝ ඔබට සිතෙන වෙනත් අයකු ගියා නම් ප්‍රසන්න ගියාට වඩා ඇතිවන වෙනස කුමක්ද? හොදේ මොකක්ද, ඉංදියාවෙන් ලැබෙන වාසිය මොකක්ද? ප්‍රසන්න ගියායින් ලංකාවට වෙන හානිය කුමක්ද?
ප්‍රසන්න රණවීර නොගොස් වෙනත් අවස්තාවල විදේශ ගතවූ අනික් මැති ඇමතිවරුන් ඒ විදේශ ගතවීම් වලින් රටට ගෙනා දේවල් කුමක්ද?
බ්‍රිස්බන් වලට එන මැති ඇමතීන් සම්මන්ත්‍රනය පැත්තක තියා ගෝල්ඩ් කෝස්ට් තීම් පාක් යන්නෝයා. රෑට ෆෝටිටියුඩ් වැලී වල “ස්ට්‍රිපර්ස් ක්ලබ්” යන්නෝය. නැත්තම් ස්ටාර් ගෝල්ඩ් හෝ ටෙෂරි කැසිනෝවේ කැසිනෝ ගසන්නේය. ඒවායින් ලංකාවට වූ වාසිය කුමක්ද?
මට යාපනයේදී පහුගිය කාලයේ මහින්ද රාජපක්ෂගේ එක්තරා හිතවත්ම අයෙකු හමුවිය. අප කිහිප දෙනෙකු හමු වූ ඒ අවස්තාවේ ඔහු අප නොදත් කතාවක් කීවේය.
“ඉස්සර මහින්ද මහත්තයට සජින් වාස් දකින්නෙ නැතිව නින්ද යන්නෙත් නෑ. සජින් වාස් කියන ඒවා තමයි මහින්ද මහත්තයා ඇහුවේ. උන් තමයි ඒ ආණ්ඩුව කෑවේ.”
එහි ඇත්ත නැත්ත මා දන්නේ නැත. ඒත් මහින්දත් සමග බොහෝ කුළුපගව සිටි සජින් වාස් අන්තිමට නතර වූයේ කොතැනකද?
හිරගෙවල් හතක ගියත් මොන තත්වයකට පත්වුවත් තමන් කෙරෙහි විශ්වාසය තැබූවෙකුගේ විශ්වාසයක් කඩ කිරීමක් මට නම් හිතා ගත නොහැක. විශ්වාසයෙන් යමකු යම් දෙයක් මා සමග කීවා නම් ඒ විශ්වාසය කිසිම දිනක මොන අවාසි සහගත තත්වයකදීවත් මා කඩකරන්නේ නම් නැත.
ප්‍රසන්න රණවීර සමාජ විරෝධී වැඩ කලා දැයි මා දන්නේ නැත. ඒ ගැන ඔහුට විරුද්ධව නඩු හබ තිබුනාදැයි මා දන්නේද නැත. ඒත් මහින්ද රාජපක්ෂට පක්ෂ වූ අයට හොය හොයා නඩු දමන, හිරේ යවන යුගයක ප්‍රසන්න රණවීර මහින්දව තනි කලේ නැත.
ප්‍රසන්න රණවීර මිරිස් කුඩු ගැහීම අනුමත කරන්නේ නැත. ඒත් ලංකාවේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ ඉතිහාසයක් ඇත. ඒ බෝම්බ ප්‍රහාරයෙන් මංත්‍රීවරයෙකු මිය ගියේය. ඒ බෝම්බ ප්‍රහාරය මිරිස් කුඩු ප්‍රහාරයට වඩා දරුණුය. ඒත් ඒ බෝම්බ ගැසූ අයම මිරිස් කුඩු ගැහීම වැරදියැයි පවසති.
මහින්ද රාජපක්ෂ මෝදි හමුවීමට ඉංදියාවට යනවිට ජී.එල්. පීරිස් රැගෙන ගියේය ඉංදියාව සමග රාජ්‍ය තාන්ත්‍රිකව ගණුදෙනු කල හැකි තවත් පිරිසක් රැගෙන ගියේය. ඒ අතර ප්‍රසන්න රණවීරවත් රැගෙන ගියේය.
මහ දවාලේ එළිපිටම කෙලත් නැතිව ඇරි සජින් වාස්ල, තිලංගලා රැගෙන නොගොස් ප්‍රසන්න රැගෙන යාම මට අනුව නම් කිසිම වරදක් නැත.
ගෝටාභය ජනාධිපති පුටුවට රැගෙන ඒමේදී බෝරන් අගේන් ආචාරිලාට වඩා සිරිසේන, රනිල්, අනුර කුමාර, සම්බන්දන්, හකීම්, බදුර්දීන් ආණ්ඩුවේ මර්ධනය හමුවේ ප්‍රසන්නලා කල සේවය අති මහත් ය.
-හිරන්ත හේරත්-
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...