ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂ පවුලේ ආණ්ඩුවකට තුනෙන් දෙකේ බලයක් ලබා නොදිය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ කථිකාචාර්ය දිලන්ත විතානගේ විසින් මෙහෙයවන ‘ලීඩර් ටීවී’ හි ”සිතමු” වැඩසටහනට එක්වෙමිනි.
”දැනටමත් ජනාධිපති රාජපක්ෂ කෙනෙක්. අගමැති රාජපක්ෂ කෙනෙක්. ආරක්ෂක රාජ්‍ය ඇමති රාජපක්ෂ කෙනෙක්. රාජ්‍ය ආයතනවලින් සියයට 60ක් 70ක් තියන්නේ මේ රාජපක්ෂ පවුල යටතේ. ඉතින් එහෙම තියද්දි තුනෙන් දෙකකුත් දුන්නොත් ඒකාධිපති පාලනයක් ඇතිවෙනවා ඒකාන්තයි.
දැනට පවතින 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් එසේ ඒකාධිපතියකු බිහිවීමේ ඉඩ යම් තරමකින් අහුරලා තියනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්නකොට 18 වැනි ව්‍යවස්ථා සංශෝධය ගෙනත් මැරෙනතුරුම ජනාධිපති විදියට ඉන්න හදපු හැටි මතකද ?
කොහොමවුනත් අපට පුළුවන් වුනා රාජපක්ෂලාගේ ඒ ඒකාධිපති ගමන 2015දී නවත්වන්න. දැන් ආපසු එවැනි තැනකට රට වැටෙන්න දෙන්න බැහැ. වැරදිලාවත් දෙන්න එපා රටම ඉවරයි.”
රාජපක්ෂවරුන් තුනෙන් දෙකක් ඉල්ලන්නෙම ආණ්ඩුවේ නොහැකියාව නිසා යයි මෛත්‍රී ගුණරත්න මෙහිදී අවධාරණය කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...