ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ඉලක්කය මහ මැතිවරණයට සූදානම් වීම යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජනතාව ආණ්ඩුවට ලබාදුන් තීන්දුවෙන් පසුවවත් පාඩමක් ඉගෙන ගනීවි යෑයි සිතන බව පැවසූ මහින්ද රාජපක්ෂ මහතා බඩුමිල තවමත් ඉහළ බවද කීවේය.
මේ නිසා ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය පිරිහෙන බවත් ආණ්ඩුවට ජනතාව ඇල්මක්, කැපවීමක් නැති බවත් පැවසූ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි කාලයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළ යා හැකි බවද ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ ඉලක්කය මහ මැතිවරණයකට මුහුණදීම බවද කියා සිටියේය.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට එජාපයේ පිරිසක්ද සහාය දෙන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...