ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ශ්‍රී ලනිපය විසින් අද (10) ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මුහුණ පොතේත් පක්ෂයේ නිල වෙබ් අඩවියේත් එම ගිවිසුම් දෙක අද පළකර තිබිණි.
ශ්‍රී ලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සහ ඉදිරි මැතිවරණයට මුහුණදෙන ආකාරය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට සම්බන්ධව ඇතැම් මැති ඇමැතිවරුන් නගන පරස්පර මතවාදවලට පිළිතුරක් ලෙස මෙම ගිවිසුම් දෙක ප්‍රකාශයට පත්කළ බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුම ඉකුත් ඔක්තෝබර් මස 10 වැනිදා කොළඹ දී අත්සන් කරනු ලැබූ අතර ශ්‍රීලනිපය වෙනුවෙන් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතා ද පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි මහලේකම් සාගර කාරියවසම් මහතා ද ඊට අත්සන් තැබූහ.
මේ අතර එවකට ජනාධිපති අපේක්ෂකයාවූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඉකුත් ඔක්තෝබර් මස 19 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ අතරල ඊට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අත්සන් තැබූහ.
ජනාධිපතිවරණයෙන් අනතුරුව ආණ්ඩුවක් පිහිටුවීම හා අනෙකුත් මැතිවරණවලට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් වන එකඟතා එම ගිවිසුම්වලට ඇතුළත්ව තිබිණි.
සම්පූර්ණ ගිවිසුම පහතින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...