ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (10 වැනිදා) පස්වරුවේ වැලිකඩ නව මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
කලින් දැනුම්දීමකින් තොරව හදිසියේම පැමිණි ජනාධිපතිවරයා බන්ධනාගාරයට ගොස් රැඳවූවන් සමග කතාබස් කොට ඔවුන්ගේ සැපපහසුකම් ගැන විමසනු ලැබීය.
විනාඩි 30ක පමණ කාලයක් බන්ධනාගාරයේ ගත කළ ජනාධිපතිවරයා එහි ඇති සියලුම අඩුපාඩු නිරීක්ෂණය කළේය. එල්.ටී.ටී.ඊ. සිරකරුවන් අසලට ගොස් ඔවුන්ට ඇති ප්‍රශ්න පවා විමසීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
ජනාධිපතිවරයා බන්ධනාගාරයට යන මොහොතේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් අමාත්‍යංශයේ සාකච්ඡාවකට එක්ව සිට ඇති අතර ජනාධිපතිවරයා පැමිණි බව දැනගත් වහාම ඔහු එහි පැමිණ තිබේ. මෙහිදී බන්ධනාගාරගත කිරීම අඩු කිරීම පිළිබඳවද සාකච්ඡා කර තිබේ. පොලිසියේ වරදින් තමන්ට නිකරුණේ නඩු දමා ඇති බව රැඳවූවෝ පිරිසක් මෙහිදී කෑගසමින් ජනාධිපතිවරයාට පවසා තිබේ.
වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ වර්තමාන තත්වය සොයා බැලීමට අද එහි හදිසි චාරිකාවක නිරතවූයෙමි. එහි බළධාරීන් සහ රැඳවියන් කණ්ඩායමකටද කතාබහක යෙදෙන්නටද අවස්ථාව උදා විය. එහි තත්වය සොයා බලන්නට කමිටුවක් පත් කරන්නට පොරොන්දු වුයෙමි.
Gepostet von Gotabaya Rajapaksa am Montag, 10. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...