දේශීය පුවත්

සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට පසුගිය කාලයේදී විශාල ප‍්‍රචාරයක් කර තිබූ නමුත් මේ වන තෙක් රජයට පවරාගෙන නැති බව මාලබේ සයිටම් ආයතනයේ හිටපු සභාපති දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා  පවසයි.

පසුගිය ආණ්ඩුව තමාගෙන් පළිගත් ආකාරය වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී පැවසීමට තමා බලාපොරොත්තු වන බවද වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කළේය.

අගමැතිතුමා හමුවීම සඳහා තමා දිනයක් ඉල්ලා තිබෙන බව කී දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා 2015 වසරේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කි‍්‍රයා කරද්දී තමා ඔහුට සහය දුන්න බවද පසුගිය ආණ්ඩුව තමාගෙන් පළිගත් බවද සඳහන් කළේය.

දැන් තමාට කිසිදු ආදායමක් නැති බවත් සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට එම අවධියේදී විශාල ප‍්‍රචාරයක් කර තිබූ බවත් මේවන තෙක් රජයට පවරාගෙන නැති බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තමාගෙන් පළිගෙන තිබෙන බව පෙනී යන බවත්, වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී එදා තත්ත්වය සම්පූර්ණයෙන්ම එතුමාට ඉදිරිපත් කරන බවත් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More