මුහුණු පොතෙන්

‘එක්කෝ උඹලම කාපල්ලා’

February 11, 2020 6:28 am | Lanka Lead News

ශ්‍රී ලංකාවාසී ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයක් වන්නේ ගොඩමඩ ගොවිතැනයි. මීට වසර 20 කට 30 කට පෙර මහා කන්නය වැසි උපයෝගී කරගෙන දකුණේ ජනයා හේන් ගොවිතැන් කර, රටට ද රටේ වෙළෙඳපොළටද ධාන්‍ය, පලතුරු වැනි බවභෝග අලෙවි කර සිය ජීවිකාව ගෙන ගියත් මේ වන විට වඳුරන්, රිළවුන්, දඬුලේනුන්, වල්ඌරන් හා මොනරුන් විසින් මිනිස් පරිභෝජනයට ඇති සියලු වගාවන්ට හානි කිරීම නිසා දේශීය හේන් ගොවිතැන අත්හැරීමට පාරම්පරික ගොවියන්ට සිදු වී තිබේ. සෑම වසරකදීම ගොඩ ගොවිතැන ලෙස කුරහන්, මෙනේරි, මුංඇට ඇතුළු පලතුරු (කැකිරි, පැණි කොමඩු, පිපිඤ්ඤා) වැනි බවභෝග වගාකර වෙළඳපොළට විකුණා මුදලක් ලබා ගත් දකුණේ හා ඌවේ ජනයා මේ වනවිට සිය පාරම්පරික වගාබිම් පුරන් වන්නට හැර හේන් ගොවිතැනින් ඉවත්ව සිටිති.

කතරගම වන්දනාවේ පැමිණි බොහෝ පිරිසක් කතරගම දේවාලය ඇතුළු පුදබිම වන්දනා කිරීමෙන් පසුව නැවත ගම්බිම් බලා යන අතර ගමේ සිටින අයට හා නෑදෑයන් වෙත ලබා දීමට කව්පි මල්ලක්, කුරහන් ඇට ටිකක්, මුං ඇට, මෑ කරල් ,මෙනේරි වැනි ධාන්‍ය වර්ග මෙන්ම රුහුණේ ගස්වල අඹ, කෙසෙල්, වැල් දොඩම්, තුඹකරවිල වැනි එළවලු රැගෙන ගියහ. එවැනි අපේ රටේ දේවල් රැගෙන ගිය ජනයාට කතරගම නිපදවන දෙයක් හැටියට අද ඇත්තේ කළු දොදොල් පමණි. වැඩි පිරිසක් චීනයෙන් හා ඉන්දියාවෙන් රැගෙන එන විසිතුරු භාණ්ඩ මේ වනවිට රැගෙන ගම් බිම් වෙත රැගෙන යෑමට හුරුවී ඇත.

මේ වන විට කතරගම බුත්තල. තිස්සමහාරාමය ප්‍රදේශවල ගොවියන්ගේ හේන් වගාවන් සියල්ලම වඳුරු කරදරය නිසා අත් හැර තිබේ. මහා කන්නය මුල් කරගෙන හේන් වගා කරන ගොවිජනයා සිය වගාවන් නවතා දමා තිබේ. සියයට හැත්තෑපහක් පමණ හේන් ගොවිතැන් නවතා දමා ඇති අතර තිස්සමහාරාම ලුනුගම්වෙහෙර යාය දෙක ගොවි මහතකු වන ඩබ්ලිව්. ඒ ජයවර්ධන මහතා මෙසේ පැවසීය.‘ අද වන විට අපිට වගාවන් කරලා ජීවත් වෙන්න බැරි තරමට ගැටලුවලට ලක් වෙලා. වඳුරෝ, මොනරු, රිළවු ඇවිත් සියලුම දේවල් කා දමනවා. මහන්සි වෙලා මිරිස් වගාවක් කළත් අස්වැන්නක් ගන්න ලැබෙන්නේ නැහැ. අපිට උරුම හේන් ගොවිතැන වගාව මෙන්ම කුඹුරු ගොවිතැන පවා අත්හරින්න වෙලා තියෙනවා. වී මිලට සහතිකයක් නැහැ. අපි මහන්සි වෙලා වගා කළත් වීමෝල්කාරයෝ තමයි එයින් ප්‍රයෝජන ගන්නේ. හේන් වගාවක් කළත් වැඩක් නැහැ. වන සතුන් බුරුතු පිටින් ඇවිත් කාලා දමනවා. තව ටික කාලයකින් ලංකාවට හැම දෙයක්ම පිටරටින් ගෙනත් තමයි දෙන්න වෙන්නෙ. කිසිම රජයක් හේන් කුඹුරු ගොවියාගේ ගැටලු විසඳන්නේ නැහැ. හැම අයෙක්ම ඡන්දයකදී තමයි ගොවි ගැටලු වචනවලින් විසඳන්නේ!”

දකුණේ හා ඌවේ ජනයාගෙන් වැඩි පිරිසක් සිය නිවසේ කුඩා ගෙවත්තක් සාදවා ගෙන එදිනෙදා ආහාර වේලට අවශ්‍ය මිරිස්, තක්කාලි, මෑකරල්, රතුලූනු වැනි භෝග වගා කරගෙන කෑ සුන්දර ගැමි ජීවිත මේ වනවිට දැකීමට නොහැකිය. වත්තක කෙසෙල් ගසක මල්රේණුවක් ද ඉතුරු නොකර වඳුරන් විනාශ කරමින් පවතී. දඬුලේනුන් ද, රිළවුන්ද පොල් ගසක හටගන්නා ගොපලු ගැටය පවා කා දමා අපේ රටේ ජනයාට ඉන්දියාවේ කේරළේ පොල් ගෙන්වා ගැනීමට සලස්වා තිබේ.

කතරගම ප්‍රදේශයේ ජනයා වැඩි මුදලක් වැය කරනුයේ නිවෙස් වහලවල් සඳහා උළු කැටවලට හා සීට් වැනි ද්‍රව්‍ය මිල දී ගැනීමටයි. වත්තක පළා ගසක්වත් වවා ගෙන කෑමට ඉඩ නොදෙන මෙම වඳුරන් හා රිළවුන් බෝවීම අවම කිරීමට කාලය එළැඹී තිබේ.

මේ වනවිට කතරගම ජනයා විසින් අඹ ගස් ඇතුළු පලතුරු ගස් කපා දමමින් පසුවන්නේ සිය නිවාසවත් බේරා ගැනීම පිණිසයි. වඳුරන්ට පමණක් වගා බිම් කා දමා විනාශ කරන්නට ඉඩදී මිනිසුන් නිරාහාරව මිය යනවාද යන්න අද වෙන විට රජය විසින් තීරණය කළ යුතුව තිබේ. මෙම කරදරකාරී වඳුරන් මර්දනය කිරීම පිණිස කතරගම තිස්සමහාරාම වැනි පළාත් තුළ ජනයාට අඩුම තරමේ වායු තුවක්කු ලබාදිය හැකි නම් එය මේ මොහොතේ ප්‍රයෝජනවත් වනු ඇත.

••අවිශ්කා සංදිපනී දේවප්‍රිය- කතරගම

උපුටා ගැනීමකි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More