රංගෙ බණ්‌ඩාර, වසන්ත සේනානායක යන රාජ්‍ය ඇමැතිවරුන්ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරන්න බලයක් නැති බැව් ගාල්ල දිස්‌ත්‍රික් එජාප මන්ත්‍රී විඡේපාල හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.ඒ මහතාගේ නිවසේ ඊයේ (4 දා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.
වසන්ත සේනානායක හා රංගෙ බණ්‌ඩාර කෑ ගහනවා නායකයා ඉවත් කරන්න ඕනෑ කියලා. වසන්ත සේනානායක රාජ්‍ය ඇමැතිතුමා පක්‍ෂයේ උරුමය ගැන කතා කරනවා. එයා පක්‍ෂය මාරු කරලා. ශ්‍රී.ල.නි.පක්‍ෂයට ගිහින් නැවත එජාපයට ආපු කෙනෙක්. එයාට බැහැ පක්‍ෂ නායකත්වය වෙනස් කරන්න. රංගෙ බණ්‌ඩාර රාජ්‍ය ඇමැතිතුමාටත් බලයක් නැහැ. මේවා හුදකලාවේ කරන ප්‍රකාශ මේ අය මාධ්‍ය සංදර්ශන තමයි පවත්වන්නේ. පුළුවන් නම් කණ්‌ඩායම ඇතුළේ මේවා කතා කරන්න. අද (05දා) ආණ්‌ඩු පක්‍ෂ කණ්‌ඩායම් රැස්‌වීම තියෙනවා. පුළුවන් නම් මේවා කණ්‌ඩායම් රැස්‌වීමේදී කතා කරන්න.
සමහරවිට හිතෙනවා ඇති මේ වගේ ප්‍රකාශ කළවිට අගමැතිතුමා බයවෙලා ඇමැතිධුරයක් දේවි කියලා. එහෙමත්ද දන්නේ නැහැ. මේ වගේ ප්‍රකාශ කරන්නේ. අගමැතිතුමාට රකින්න පරපුරක් නැහැ. අගමැතිතුමා එම ධුරයෙන් ඉවත් කරන්න එජාප පසුපෙළ මන්ත්‍රී කණ්‌ඩායම කැමැති නැහැ. නමුත් එජාපය තුළ ප්‍රතිසංවිධානයක් විය යුතුයි. දැන් අගමැතිවරයා ඉවත් කරලා ආණ්‌ඩුව හා පක්‍ෂය කඩන්න අපි සූදානම් නැහැ. ඊට පස්‌සේ මහින්ද රාජපක්‍ෂ හදන්නේ දෙගොල්ලන්ටම කරන්න බැහැ කියලා යළි බලය ගන්නයි. ඒවා ගැන අපි දන්නවා. ඒ කුමන්ත්‍රණ අපි පරාජය කරනවා. එජාපයේ කවුරුහරි විශ්වාසභංගයට අත්සන් කරනවා නම් ඒ අත්සන් කරන්නේ පක්‍ෂයට ආදරයට නෙවෙයි. වරදාන හා වරප්‍රසාද වලටයි.
පත්තර වල තියෙනවා එජාපයෙන් දහයක් යනවා පහළොවක් යනවා කියලා. ඒ යන අය කවුද කියලා අපි දැන ගතයුතුයි. හැංගි හැංගි වෙස්‌බැන්දාට එළියෙනේ නටන්න වෙන්නේ. හැංගි හොරා මේ වගේ දේවල් කරන අයම තමයි පස්‌සේ අගමැතිතුමා හමුවෙලා නොයෙකුත් වරප්‍රසාද ලබාගන්නේ. කලිනුත් එහෙම කරපු ඇතැමුන් නියෝජ්‍ය ඇමැතිකම්, රාජ්‍ය ඇමැතිකම් ලබාගෙන තනතුරුවල ඉන්නවා. ඒ කාලයේ අගමැතිතුමා පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කළ යුතු බවට කියූ අය දැන් අගමැතිතුමා එක්‌ක ඉන්නවා.
විශ්වාසභංගය පුස්‌සක්. ඒකාබද්ධයේ කල්ලිය පසුගිය දිනවල අලුතෙන් ආණ්‌ඩුවක් හදන්න සෑහෙන උත්සාහයක් ගත්තා. නමුත් 113 සොයාගන්න බැරිවුණා. ඒක අසාර්ථක වුණාට පසු විශ්වාසභංග ගේන්න හදනවා. එක එක වරප්‍රසාදවලට යටවෙන යූ. එන්. පී. මන්ත්‍රීවරු නැහැ. රංගෙ බණ්‌ඩාර මහත්තයා රාජ්‍ය ඇමැතිවරයෙක්. එයා ඇමැතිකමෙන් අස්‌වෙලා තමයි විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන. ඇමැතිධුරයේ ඉඳගෙන විශ්වාසභංග ගේන්න සහ ඒවාට අත්සන් කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. 19 වැනි සංශෝධනය යටතේ අගමැතිවරයා කාටවත් ඉවත් කරන්න බැහැ. එක එක අගුපිල්වල කතා කරලා විශ්වාසභංග ගේන්න බැහැ. පුළුවන් නම් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්න කියලා මම අභියෝග කරනවා යෑයිද මන්ත්‍රීවරයා කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...