දේශීය පුවත්

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරස්ථානාධිපති, බෞද්ධයා රූපවාහිනියේ සහ ගුවන් විදුලි නාළිකාවේ නිර්මාතෘ සහ එහි සභාපති වූ ගෞරව ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමියෝ අපවත් වූහ.

සිංහල හා ඉංගී්‍රසි භාෂා ද්විත්වයෙන්ම චතුර ලෙස ධර්ම දේශනා කිරීමට සමත් උන්වහන්සේ අපවත් වන විට කොළඹ සම්බෝධි විහාරය, ලන්ඩන් නුවර ප්ලාස්ටෝව්හි ශ්‍රී සම්බෝධි භාවනා මධ්‍යස්ථානය, දෙල්ගොඩ ගුණරත්න ශ්‍රී සම්බෝධි සදහම් සෙවණ යන විහාරත්‍රයෙහි අධිපති ලෙස වැඩ සිටියහ.

මාස කිහිපයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ පසුගිය සෙනසුරාදා (03දා) ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී අපවත් වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වනවිට කොළඹ 07, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තිබේ. ඒ පිළිබඳ ආදාහන පූජෝත්සවය මාර්තු 08 වැනි බ්‍රහස්පතින්දා සවස රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More