දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වෙන් වෙන්ව සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා  පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි. එළඹෙන මහ මැතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බව ද රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණයට අදාලව නාම යෝජනා ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ද මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කියා සිටියේය. පක්ෂයේ ප්‍රති සන්ධාන කටයුතු කඩිනමින් අවසන් කිරිමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More