දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුළුල් බලවේගයක් ලෙස එකට එකතුවී කටයුතු කරන බවත්,ඒ සඳහා සියලුම ජාතිකවාදී බලවේග වලට ආරාධනා කරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (11දා) පක්ෂ මූලස්ථානයේ පැවති පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජයසේකර මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාම සදහා මේ වන විට පියවර රැසක් ගෙන ඇති බවත්, පුළුල් ජාතික බලවේග වෙන්කිරීමට ප්‍රකාශ සිදුකරනු ලබන්නේ ඉදිරියේදී අස්ථාවර ආණ්ඩුවක් සකස් කිරීමට උත්සහ ගන්නා පිරිස් වන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තරග කර ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට හා ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලූ සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණ බව මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More