දේශීය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර සැපයීමේ ටෙන්ඩරයෙන් රුපියල් කෝටි 200ක මුදලක් වංචා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි කමණී හෙට්ටිආරච්චි මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන සංචිතය වෙත මාරු කර යවා තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් ඉකුත් 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.

මෙම වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් කළ අතර එදිනම මීට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා පැමිණිල්ලක්ද ඉදිරිපත් කරනු ලැබීය.
ඒ 2017 සහ 2018 යන කාල සීමාව තුළ මෙම වංචාව සිදුවූ බවටත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරියත්, ටෙන්ඩර් මණ්ඩලයේ සහ තාක්ෂණික කමිටුවේ සභාපතිවරුන් දෙදෙනා වගකිව යුතු බවත් සඳහන් කරමිනි.

මීට මාස 06කට පෙරද මෙම ප්‍රධාන ගණකාධිකාරිවරිය ආරක්ෂක අමාත්‍යාංශයේ සිට රාජ්‍ය පරිපාලන සංචිතය වෙත මාරු කර යවා ඇති නමුත් ඇය එම ස්ථාන මාරුව පිළිනොගෙන ආරක්ෂක අමාත්‍යාංශයේම රාජකාරි කටයුතු සිදුකර ඇත.

කෙසේ නමුත් මෙවර ලබාදුන් ස්ථාන මාරුව ඇය විසින් මඟහරින්නේ නම් ඇය සේවය හැර ගියා සේ සලකන බවටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඇයට දන්වා තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සඳහන් කළේ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා විසින් මෙම ටෙන්ඩර් වංචාවට සම්බන්ධ සියලු තොරතුරු තමාගෙන් ඉල්ලා ඇති බවය.

එම සියලු තොරතුරු අද (05දා) දින පස්වරු 3.00ට රැස්වෙන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍යවරයාට ලබා දෙන බවත් පැවැසීය.. මෙම අරගල තමන් පටන් ගන්නා පමණක් බවත් ඉදිරියේදී මීට අදාළ තවත් කරුණු හෙළිදරව් කරන බවත් බුද්ධික පතිරණ මන්ත්‍රිවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More