දේශීය පුවත්

මෙරට පළමුවන අරාබි විශ්ව විද්‍යාලය වන බේරුවල පිහිටි ජාමියා නලීම් නැමති විශ්ව විද්‍යාලය අසූව දශකයේ මුල සිට මෙරට ක්‍රීයාත්මක වී තිබේ. මේ බව හෙළිවන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ජමාත්තේ ඉස්මීයා සංවිධානයේ නායක රාසිම් අබ්දුල් අක්බාර් නැමැත්තාගේ සාක්ෂිවලිනි.

ජමාතේ ඉස්ලාම් සංවිධානය වසර 24ක් නායකත්වය දරා ඇති ඔහු 1976 සිට වසර 07ක් බේරුවල ජාමියා විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බව අනාවරණය විය.

මැවනැල්ල බුදු පිළිම කැඩීමට චෝදනා ලැබූ පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරීමට සූදානමින් සිටි සාදික් සහ සාහීඩ් යන සහෝදරයන් දෙදෙනාගේ පියා වන ඊබ්‍රාහීම් මවුලවි නැමැත්තාද බේරුවල මෙම අරාබි පාසලේ අධ්‍යාපනය ලබා ඇති බවද මෙහිදී අනාවරණය විය. ‍

මෙම මද්‍රසා පාසල්වලින් උගන්වනු ලබන දේ අතර ලංකාවේ නීතියට පටහැනි දේවල් ද තිබෙන බවත් මුළුමනින්ම එහි උගන්වන්නේ ශරියා නීතිය බවද ඔහු සදහන් කළේය. මද්‍රසා පාසල්වල උගන්වන ඇතැම් ලංකාවේ නීතියට පටහැනි සහ නොගලපෙන දේවල්ද ඇති බව ඔහු පැවසීය.

ජමාතේ ඉස්ලාමීය සංවිධානයට කුවේට් හි පිහිටි අර්ථ රාජ්‍ය සංවිධානයකින් ද එක්සත් රාජධානියේ සහ කැනඩාවේ අරමුදල් ලැබෙන බවද පැවසීය. ඊට අමතරව මෙම සංවිධානයට සම්බන්ධ මැදපෙරදිග අරාබි රටවල සිටින සාමාජිකයන් මුදල් ලබා දෙන බවද මෙහිද අනාවර්ණය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More