දේශීය පුවත්

සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීම නිසා එහි තනතුරුලාභී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම​ට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

ජාතික සමගි බලවේගය පක්ෂයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ. ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝය.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට හැර මහ මැතිවරණ සඳහා පක්ෂ සලකුණ වන අලියා ලකුණෙන් ඉදිරිපත් විය යුතු බව සඳහන්ව ඇතැයි පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂ නායකත්වයද මේ බව සියලුම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට පෙන්වා දුන් බව මහලේකම්වරයා කියා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More