දේශීය පුවත්

ද්‍රවිඩ ජාතිවාදීන් පිනවීමෙන් සංහිඳියාව ඇති කළ නොහැකි බවත්, අහිංසක දෙමළ ජනතාව එකී ජාතිවාදීන්ගෙන් ගළවා ගැනීම සංහිඳියාවේ පළමු පියවර බවත්, ජාතික සංවිධාන එකමුතුවේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

උතුරේ දේශපාලනය කළ ජාතිවාදීන්, ජනතාව වෙනුවෙන් පළාත් සභාවට වෙන් කළ මුදල් වියදම් කළේ නැහැ. ඔවුන් උත්සාහ කළේ මධ්‍යම ආණ්ඩුව උතුරේ ජනතාවට නොසලකන බවක් පෙන්නුම් කිරීමටයි. ඒ නිසා වත්මන් ආණ්ඩුව බුද්ධිමත්ව සිතා බලා උතුරේ දුප්පත් ජනතාව සමග ගනුදෙනු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ගුණදාස අමරසේකර මෙසේද කීය.

ඉන්දියාවේ පුරවැසි පනත ගෙනෙද්දී අපේ රටේ ද්‍රවිඩ ජාතිකයන් පුරවැසිභාවය ඉල්ලුවා. නමුත් එතැනදී ඉන්දියාව කීවේ ලංකාවේ ද්‍රවිඩ ජාතිකයන්ට රට තුළ හරිහැරයක් නෑ කියලා. එහෙම කියලා පුරවැසිකම දුන්නේ නෑ. මෙවර මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉන්දියාවට ගිය අවස්ථාවේ ඉන්දිය අගමැති මෝදි ආයෙත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන විමසුවා. ඒක ලොකු ඕනෑකමකින් කළ දෙයක් නෙමෙයි. අපේ අගමැතිවරයා එතනදී මුණිවත රැක්කා. ඒක අගය කරන්න ඕනෑ. 13 වැනි සංශෝධන ප්‍රශ්නය දඩබ්බරව විසඳන්න බෑ.

ඒ වගේම අපි මෝදි අධ්‍යනය කළ යුතුයි. ඔහු කැමති නෑ අපේ රට බෙදනවට. ඔහුට අවශ්‍යයි තමිල්නඩුවේ ඡන්ද ටික. ඒකයි ඔහු 13 වැනි සංශෝධනය මතක් කරන්නේ. ඒ වගේම මෙවර නිදහස් දිනයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායන කිරීමෙන් උතුරේ අහිංසක ද්‍රවිඩ ජනතාව තේරුම් ගත්තා ඔවුන්ගේ ජාතිවාදී නායකයන්ට මේ ආණ්ඩුව නටවන්න බැහැ කියන එක. ඒක මේ ජාතිවාදීන්ට ලැබුණු දරුණු පරාජයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More