දේශීය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් සඳහා 2021 වර්ෂයේ මූල්‍ය අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 59ක් වෙන් කිරීමට යයි.

මෙලෙස මුදල් වෙන් කරන්න යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වාර්ෂික ඇස්තමේන්තු වාර්තාව ඔස්සේ ඉල්ලා ඇත.

2021 මූල්‍ය වර්ෂයේදී මෙහෙයවන ඇමෙරිකාවේ සහ ඇමෙරිකාව සම්බන්ධ වී සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් වෙනත් රටවල්හි සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් එරට ජනාධිපතිවරයා විසින් රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා වාර්ෂිකව ඇස්තමේන්තුගත මුදල් ඉල්ලීම සිදුකරනු ලබයි. 2021 වර්ෂය වෙනුවෙන් ඊයේ (12 වැනිදා) දිනයේ සිදුකළ නවතම ඉල්ලීම ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ස්ටීවන් බීගුන් සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක මාර්ක්ග්‍රීන් විසිනි.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ඉල්ලීමට අනුව 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සෘජුවම දායත්වය සපයන ඇමෙරිකානු සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 39.2ක් වෙන්කර ඇත. තවත් ඩොලර් 9.38ක් වෙන්කර ඇත්තේ ත්‍රස්ත විරෝධී සහ ආරක්ෂක වැඩසටහන් වෙනුවෙනි.

එසේම ශ්‍රී ලංකාවේ හමුද අධ්‍ය්යනය සහ පුහුණුව වෙනුවෙන්ද ඩොලර් 380,000ක් ත්‍රස්ත විරෝධී ඒකාබද්ධ අරමුදල් (ශ්‍රී ලංකාවේ) සඳහා ඩොලර් මිලියන 8ක්ද වෙන්කරන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් එරට අයවැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත. මෙලෙස ඇමෙරිකානු සහ විදෙස් රටවල ආරක්ෂක හා සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා රාජ්‍ය දෙපාර්තමේන්තුව හරහා ඉල්ලා ඇති සංවර්ධන මුදල ඩොලර් බිලියන 41කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More