ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙකලා කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අවශ්‍යව ඇතැයි ශ්‍රීලනිපය පාර්ශවය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ගොඩනගා සන්ධානයෙන් ඔවුන් පසෙකට කිරීමේ සිට නාම යෝජනා ලබා නොදීම දක්වාම තත්ත්වයක් ගොඩනැගීමට පොහොට්ටුවට අවශ්‍ය වී තිබෙන බවයි ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් පෙන්වාදෙන්නේ.
ජනාධිපතිවරණයේදී ලබා දුන් සහය මෙන්ම පොහොට්ටුවේ සාමාජිකත්වය ගෙන තිබියදීත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන්ට අහෝසි නොවන අන්දමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් කටයුතු කළ ආකාරය දැන් පොහොට්ටුවේ බොහෝ දෙනෙකුට අමතක වී තිබෙන බව ඔවුන් පවසයි.
එහෙත් ශ්‍රීලනිපයේ සහයක් නොමැතිව අවශ්‍ය ඉලක්කය සපුරා ගැනීම පොහොට්ටුවට පහසු කටයුත්තක් නොවන අතර පොහොට්ටුවට තනිව මහ මැතිවරණයට ඉදිරිපත් වී බහුතරය සකස් කරගැනීමට නොහැකි බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් අවධාරණය කරන්නේ.
මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා යළි දිවයිනට පැමිණ සිටින හෙයින් පොහොටුවේ බහුතරයක් විශ්වාස කරන්නේ සෙසු පාර්ශවයන්ගේ සහයක් නොමැතිව පොහොට්ටුව ලෙස මහ මැතිවරණය ජයගත හැකි බව යැයිද මෛත්‍රී පාර්ශවය පෙන්වාදෙයි.
කෙසේවෙතත් ශ්‍රීලනිපයට සන්ධානයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් අවසාන මොහොත දක්වාම සන්ධානය රැක ගැනීමට කටයුතු කරන බවද ඔවුන් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...