දේශීය පුවත්

මේ පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත. ඒ අනුව එය රාජ්‍ය ආයතනයක් මගින් ප‍්‍රසිද්ධියට පත් කළ නීත්‍යානුකූලව පිළිගත් ලියවිල්ලක් බවත් සංගමයේ ලේකම් හරිත අලූත්ගේ මහතා පවසයි. ආනයනික කිරි පිටි යනු සෞඛ්‍යමය වශයෙන් අධි අවදානම් කාණ්ඩයේ ආහාරයකි. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද පිළිගනී. දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ගණනාවක් සඳහා ඉහළ අවදානමක් ආනයනික කිරි පිටි හරහා මතුවන බව විද්වත් කමිටු වාර්තාව පෙන්වා දෙන බව ද ඔහු කීය.

ආනයනික කිරි පිටි සමාගම්වල වෙබ් අඩවි පරිශීලනය කිරීමේදී ඔවුන් ප‍්‍රකාශයට පත් කර ඇත්තේ, ශ‍්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල, අඩු මිලදී ගැනීමේ හැකියාවක් සහිත ජනතාවට අඩු මිලට කිරි පිටි ලබා දීමට අවශ්‍ය වන බැවින්, ඒ සඳහා තම කිරි පිටි නිෂ්පාදනවලට පිටතින් ෆාම් තෙල් එකතු කරනා බවයි. විද්වත් කමිටුවත් ඒ බව තහවුරු කර පෙන්වා දෙන බවද හෙතෙම කීය.

ශ‍්‍රී ලංකාව තුළ දැනට අලෙවි කරන ආනයනික කිරිපිටි වර්ග ගණනාවක පැකට්ටුවේ, ඒවාට පිටතින් ෆාම් තෙල්, එළවළු තෙල්, මාළු තෙල්, පොල් තෙල්, සූරිය කාන්ත තෙල්, සෝයා තෙල්, බඩඉරිගු සාරය අඩංගු කර ඇති බව සඳහන්ය. විශේෂයෙන්ම ආනයනික ළදරු කිරි පිටි පැකට්ටු වල මෙය පැහැදිලිව සඳහන් කර ඇති බව විද්වත් කමිටුව පෙන්වා දෙන බවද අලූත්ගේ මහතා කීය.

ෆාම් තෙල්, පිළිකා ඇතුළු බෝ නොවන රෝග ගණනාවක් සඳහා ප‍්‍රධාන හේතු කාරකයක් විය හැකි බව, විද්‍යාත්මක පර්යේෂණ හරහා පෙන්නුම් කරන බව කමිටුව වාර්තා කරයි.

නව රජය පත්වීමෙන් පසු පත් කළ නව සෞඛ්‍ය අමාත්‍යවරිය වන පවිත‍්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය සමග අප සිදු කළ පළමු හමුවේදීම ඉහත කී කරුණු පිළිබඳ ඒ මහත්මිය දැනුවත් කරන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඒකාබද්ධව මහජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට එකඟතාවය පළ කරන ලදි. එහි පළමු පියවර වශයෙන් 2020 ජනවාරි මස 20 වැනිදා ආනයනික කිරි පිටි උවදුර සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාතික රෝහල කේන්ද්‍ර කරගනිමින් සියලූම රජයේ රෝහල්වල පැවැත්වීමට තීරණය කළ අතර ඒ සඳහා අප සංගමයේ සම්පූර්ණ සහයෝග ලබා දුනි.

දෙවැනි පියවර වශයෙන් මෙම උවදුර සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ලංකාවේ සියලූම පාසල්වල සිදු කිරීමටත්, බුද්ධ ශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් සමග එක්ව දහම් පාසල්වල හා සියලූ රජයේ ආයතනවලද මෙම වැඩපිළිිවෙළ ක‍්‍රියාත්මක කිරීමටද එකඟතාවය පළ විය.

සියලූම පාසල් දරුවන් ආනයනික කිරිපිටි උවදුර සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සමග සාකච්ඡුා කොට අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙළක් සකස් කර දෙන මෙන් සෞඛ්‍ය ලේකම්තුමියගෙන් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස අප විසින් ඉල්ලා සිටිමු.

අපගේ පාසල් දරුවන් මෙම උවදුරින් බේරා ගැනීම සඳහා වන ජාතික මෙහෙවරට සෞඛ්‍ය ලේකම්තුමියගෙන් අවශ්‍ය සහයෝගය ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

පාරිභෝගික සේවා අධිකාරිය සමග ඒකාබද්ධවද දිවයින පුරා ආනයනික කිරි පිටි උවදුරු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ පිළිබඳව වූ විශේෂ සාකච්ඡුාවක් අද (13 දින) පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More