විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවන නව සන්ධානය සඳහා ‘අලියා’ ලකුණ ලබා දීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (14දා) එකඟ වී තිබේ.
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට දැනට යෝජිතව ඇති සන්ධානයේ ලකුණ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට පත් කළ විශේෂ කමිටුව රැුස්වූ අවස්ථාවේ දී එජාප නායකයන් මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ, රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, නවීන් දිසානායක යන මහත්වරු ද සජිත් පේ‍්‍රමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම්, චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්ම මහත්මීහු මෙම කමිටුවේ සාමාජිකයෝය.
මෙම විශේෂ කමිටුව පාර්ලිමේන්තු කමිටු ශාලාවකදී ඊයේ රැුස්වූ අතර එහිදී මේ බව තීරණය කර ඇත.
ඒ අනුව එම නව සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නිල ලාංඡුනය වන ‘අලියා’ ලකුණ ලබා දීමේ නීතිමය තත්ත්වය පිළිබඳව ද සොයා බැලීමට ද එම පක්ෂය තීරණය කළේය.
මේ පිළිබඳ සොයා බැලීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ (14) දිනයේම මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ගොස් තිබිණි.
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීම සඳහා ඒ අනුව ‘අලියා’ ලකුණ ලබා දීමට පක්ෂ නායකත්වය කැමැත්ත පළ කළ බවත් ‘අලියා’ ලබා ගැනීමට නොහැකි වුවහොත් ‘හංසයා’ ලකුණෙන් තරග කරන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.
මෙම සාකච්ඡුා සාර්ථකයි. ඉදිරි මහ මැතිවරණයේදී ‘අලියා’ ලකුණ භාවිත කිරීමට දෙපාර්ශ්වයම කැමැති වුණා. අපි දැන් ‘අලියා’ ලකුණ දීමට හැකිදැයි කියා නීතිමය තත්ත්වය සොයා බලනවා. නීතියෙන් බාධාවක් තිබෙනවා නම් අපි ‘හංසයාගෙන්’ තරග කරනවා යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...