දේශීය පුවත්

අමෙරිකානු එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ඡා කර ඇත.

අද පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී එම හමුව පැවති බවයිඅග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

කොංග්‍රස් සභිකයින් වන අමී බෙරා සහ ජෝර්ජ් හෝල්ඩින් යනමහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය ද මෙම හමුව සඳහා එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවක්ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන බව කොංග්‍රස් සභිකයින් එහිදි ප්‍රකාශ කර ඇත.

ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මෙම හමුව ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බවයි එහිදි අදහස් දක්වමින් එක්සත් ජනපද කොංග්‍රස් සභිකයින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

එහිදි අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ සිය රජය රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛත්වයක් දී ඇති අතර එක්සත් ජනපද ආයෝජන මෙරට ආර්ථික සංවර්ධනය සඳහා සපයන දායකත්වය අගය කරන බවයි.

දෙරටේ දැනට පවතින සහයෝගීතාවන්ට අමතරව ත්‍රස්තවාදය පිටුදැකීම සංචාරක කර්මාන්තය සහ බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබඳව ද දෙපාර්ශවය අතර පැවති මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව ඇති බව සඳහන්.

මෙම අවස්ථාවට එක්වු ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිස් මහත්මිය පවසා ඇත්තේ ශක්තිමත් ස්වෛරී ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා සිය සහයෝගය ලබාදෙන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More