ව්‍යාපාරික පුවත්

වස විසෙන් තොර වගාව සමාජයේ දැඩිව අවධානයට ලක්ව ඇති කරුණක්.

ඒ වෙනුවෙන් සිය කාලය හා ශ්‍රමය කැපකළ කාන්තාවක් හුරුළු වැව ප්‍රදේශයේදී අපට හමුවිය.

විශේෂත්වය වන්නේ එම ගෙවිලියගේ වත්තේ රජ බොජුන් සඳහා යොදාගන්නා විශේෂ එළවළු ද වගාකර තිබීමයි.

මේ ගෙවත්තේ හිමිකරු සෝමලතා වනසිංහ.

වෙනත් ගෙවතුවල දැකිය නොහැකි එළවළු හා පළතුරු වර්ග බොහෝමයක් මෙහි දක්නට පුළුවන්.

විශේෂත්වය, දේශීය එළවළු සහ පළතුරු පමණක් මෙහි වගා කර තිබීමයි.

වස විසෙන් තොර ගෙවතු වගාවක් පිළිබඳ ඇයට මුලින්ම සිතුවිල්ලට නැගෙන්නේ මීට වසර 20කට පමණ පෙර.

ඊට විශේෂ හේතුවක් සෝමලතා මහත්මියට තිබුණි.

ඇය ඒ සම්බන්දයෙන් අදහස් දක්වමින් පැවසුවේ තමනට නිවුන් දියණියන් දෙදෙනෙක් සිටි බවත් එක් දියණියක්
ලියුකේමියාව රෝගයෙන් මිය ගිය බවත්ය.

මහරගම පිළිකා රෝහලේ නොවාසිකව ප්‍රතීකාර ලබමින් සිටි දිනවලදි වෙනත් පිළිකා රෝගය වැළඳුණ පිරිස තමන් දුටු බවත් එමෙන්ම තමන්ගේ දියණියද මිය ගිය බවත් ඇය පැවසිය.

එදා සිට වස විසෙන් තොර ආහාර කෑමට ගෙවතු වගාව ආරම්භ කිරීමට තමන් සිතා ගත් බව ඇය පැවසීය.

එය යථාර්ථයක් බවට පත් කළ සෝමලතා මේ වන විට දේශිය බෝග වර්ග 30ක පමණ ප්‍රමාණයක් සිය වගාවට එක්කර තිබේ.

රාජ භෝජනයට පිළියළ කළ ආලංගා නැමති ඉපැරණි එළවළුවත් මෙහි වගා කර තිබීම විශේෂත්වයක්.

ඊට අමතරව හේන් වැටකොළු, නියං වැටකොළු, ඇත්දල බණ්ඩක්කා, තුඹ කරවිල, ගෝන කරවිල, වඳුරු මෑ සහ පතුරු බෝංචි වැනි එළවළු වර්ගද සෝමලතා මහත්මියගේ ගෙවත්තේ වගා කර ඇත.

එමෙන්ම රතු අනෝදා, සීනී කැකිරි හා දේශිය දෙළුම් වැනි පළතුරු ද වගා කර තිබේ.

තමා සතු දැනුම සමාජය සමග හුවමාරු කරගැනීමට ද ඇය නිහතමානි වී තිබේ.

‘දේශිය බීජ ගෙවත්ත’ මුහුණු පොතේ පිටුවක් නිර්මාණය වන්නේ, ඒ අනුවයි.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු සෝමලතා වනසිංහ මහත්මිය,

” මුලින් මම නොමිලේ බීජ ලබාදුන්නා. මගේ අරමුණ ගෙවතු ලක්ෂයක් රටේ නිර්මාණය කිරීම.

ගෙවතු වගාවට කැමැත්තක් දක්වන අයට මගෙ ළඟ තියෙන බීජ කට්ටල මම සුළු මුදලකට දෙන්න කැමතියි.

මොකද නොමිලේ දුන්නම අගයක් නැහැ. රජයේ නිලධාරින්ගෙන් නම් කිසිම සහයක් නැහැ.

ගෙවත්තත් බලන්න ඕන වුණොත් විතරක් ඇවිත් යනවා. ජනාධිපතිතුමා දේශීය ගොවිතැනට කැමතියි. ඒ නිසා මේ ගැන අවධානය යොමුකරයි කියලා මම හිතනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More