විදේශ පුවත්

අධික හිම පතනය හේතුවෙන් යුරෝපය පුරා බොහෝ රටවල දෛනික කටයුතු අඩපනව පවතින අතරවාරයේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට සිදු විය.

අද සවස ජිනීවා ගුවන් තොටුපළ යළිත් විවෘත කෙරෙනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

සයිබීරියාවේ සිට හමා එන අධික ශීතල සුළඟත් සමග යුරෝපය පුරා බොහෝ රටවල් වසර කිහිපයක්‌ ඇතුළත ශීතලම කාලගුණයට මුහුණ දී සිටිති.

අධික ශීතල සුළඟ මෙන්ම අසාමාන්‍ය හිමපතනය ද හේතුවෙන් ප්‍රවාහන කටයුතු ඇතුළු බොහෝ දෛනික කටයුතු ඇනහිට තිබේ.

බොහෝ රටවල ජනතාව මේ කාලගුණයට අපූරු නම් තබා තිබේ. බ්‍රිතාන්‍යයේ ඇතැමුන් එය “නැගෙනහිරින් ආ මෘගයා” ලෙස හඳුන්වද්දී නෙදර්ලන්තවාසීන් එය හඳුන්වන්නේ “සයිබීරියානු වලසා” ලෙසය.

මේ අතර දරුණු අයහපත් කාලගුණය හේතුවෙන් ජීවිත හානි පවා සිදුවිය හැකි බවට නිරිතදිග එංගලන්තයේ සහ දකුණු වේල්සයේ වෙසෙන ජනතාවට අනතුරු අඟවනු ලැබ තිබේ.

දැනටමත් බ්‍රිතාන්‍යය පුරා බොහෝ කටයුතු අඩපන කොට තිබෙන “නැගෙනහිරින් එන මෘගයා” සමග එමා කුණාටුව ද හැමීමට නියමිත බැවින් එම ප්‍රදේශවලට “රතු අනතුරු ඇඟවීම්” නිකුත් කොට තිබේ.

මේ අතර 300 කට අධික පිරිසක්‌ ස්‌කොට්‌ලන්තයේ අධිවේගී මාර්ගයක පැය 17 ක්‌ පමණ දැඩි ශීතල මැද සිය මෝටර් රථවල කොටු වී සිටිති.

එමෙන්ම නිවාස උණුසුම් කිරීම ඇතුළු කටයුතු සඳහා ප්‍රමාණවත් ගෑස්‌ තිබෙන්නේ දැයි සැක සහිත බව බ්‍රිතාන්‍ය බලධාරීහු පවසති.

බ්‍රිතාන්‍යය පුරා බොහෝ ප්‍රදේශවල පාසල් සිය ගණනක්‌ තුන්වෙනි දිනයේත් වසා දමා තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More