දේශීය පුවත්

ඇමතිවරයකුගේ පුටුවක වටිනාකම රුපියල් ලක්ෂ 6ක් බව පසුගියදා දෙණියාය ප්‍රෙද්ශයේ පැවැති පාලමක් විවෘත කිරීමේ උත්සවයකදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රකාශයත් සමගම පසුගිය දින කිහිපයෙහි සමාජ මාධ්‍ය ඡාලයන්හි බොහෝ විට විමල් වීරවංශ මහතා ඉලක්ක කරගනිමින් මේ සම්බන්ධ යම් යම් විවේචන සැරිසරන්නට විය ඊට පිළිතුරු සපයමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් මාධ්‍ය වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ තමන් ‘ඉල්ලූ රට’ නිර්මාණය වන ආකාරය දෙස බලා සිටින ජනතාව මේ ‘කැටයම් දමා ඉදිරිපත් කරන ජවිපෙ බේගල්’ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් නොගන්නා බව අපට දැඩි සේ විශ්වාස යැයි කියාය.

ඔහු විසින් එම චෝදනාවට පිළිතුරු සපයමින් යොමුකරන ලද ලිපිය මෙසේය.

‘ඇමති පුටුව’ ගැන ජ.වි.පෙ. මන්ත්‍රීගේ අසත්‍ය ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා
– විමල් වීරවංශ

මා අමාත්‍ය ධුරයට පත්වූ පසුව මාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් පළමුව නිර්මාණය කොට, දෙවනුව එම පුවත උපුටා දක්වමින් මඩ ගැසීමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව දැක ගත හැකිය. මුළුමනින්ම අසත්‍ය එම පුවත හා ප්‍රකාශය පළමුකොටම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරය සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ධුරයෙහි ද වගකීම් මා හට පැවරී ඇත. මා වෙනුවෙන් ඉහත අමාත්‍යාංශ දෙකෙහිම නිල කාර්යාල වෙන්ව තිබුණ ද වැඩ භාරගත් දිනයේ සිටම අමාත්‍ය ධුර දෙකෙහිම රාජකාරි කටයුතු මා සිදු කරන්නේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයෙහි මා හට හිමිව ඇති නිල කාර්යාලය පමණක් යොදා ගෙන ය. එම කාර්යාල පරිශ්‍රය තුළ මා වැඩ භාරගනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වනදා ය. ඒ වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසිඳු අයුරකින් අලුත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදුවී නොමැත.

අපට ඇත්තේ ‘පුටු හා ඈඳුන සුඛ විහරණය පිළිබඳව ප්‍රශ්නයක්’ නොව මේ රට ‘සෞභාග්‍යයෙන් පිරි රටක්’ බවට පත් කිරීමේ උවමනාව ය. අප මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කොට රටට ජීවයක් ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින මේ මොහොතේ ඒ කෙරෙහි රටට ආදරය කරන ජනතාව දෑස් දල්වා බලා සිටිති. ඒ පිරිස් තුළ අප කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීම මේ මඩ අවලාද නිර්මාණය කරන්නන්ගේ උවමනාව විය හැක. එහෙත් තමන් ‘ඉල්ලූ රට’ නිර්මාණය වන ආකාරය දෙස බලා සිටින ජනතාව මේ ‘කැටයම් දමා ඉදිරිපත් කරන ජවිපෙ බේගල්’ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් නොගන්නා බව අපට දැඩි සේ විශ්වාස ය.

විමල් වීරවංශ (පා.ම.),
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන, අමාත්‍ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More