දේශීය පුවත්

දේවානි ජයතිලක වැනි රාජ්‍ය නිලධාරීන් දහස් ගණනින් බිහි විය යුතු යුගයක ඇය ගැන ඇත්තේ ආඩම්බරයක් බවත් කවුරුන් මොනවා කීවත් ඇයට එරෙහිව කිසිදු පරික්ෂණයක් කිසිසේත්ම නොපැවැත්වෙන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (16) පැවසීය.

“කළුතරට කැළි කසළින් තොර වෙරළක්” තේමාව යටතේ පානදුර සිට බෙන්තර දක්වා වෙරළ තීරය පිරිසිදු කිරීමේ “ලස්සන වෙරළ” වැඩසටහනෙහි පානදුර මුහුදු වෙරළෙහි පැවති අවස්ථාවට එක් වෙමින් මෙසේ කීය.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාවෙන් පනවා ඇති තහංචි වලට  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය  එකඟ නැති හෙයින් ඔවුන්  පනවන නීතිරීති   එතරම්  අදාළතාවයක් නැති බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

‘දේවානි ජයතිලක විශිෂ්ට රාජ්‍ය නිලධාරිනියක්.අද රාජ්‍ය සේවකයන්ට නව පනක් ලැබිලා තියෙනවා. නිත්‍යානුකුලව,විනයනුකුලව කටයුතු කරන්න. දේවානි නිලධාරිනියගේ මැදිහත්වීමෙන් අපිට පෙනෙන්නේ එයයි. ඇය තමන්ට පැවරී තිබුණ නීතිය , පරිසර පද්ධතිය රැකීම පිළිබඳ වගකීම එතුමිය ඉටු කළා. ඒ ඉටු කිරීම තමයි අපිට පේන්නේ. මහජන නියෝජිතයෙක් හැටියට සනත් නිශාන්ත මහතාත් තමන්ට මහජනයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කරන්න කටයුතු කළා. ඒ දෙක අතර ගැටුමක් තියෙනවා. එය තුලනය විය යුතුයි. රාජ්‍ය නිලධාරිනිය නීති ප්‍රකාරව ක්‍රියාත්මක වෙනවා. සනත් නිශාන්ත මහතා මහතා මහජන ඉල්ලීම ඉටු කරන්න කටයුතු කරනවා. ඒ දෙකම විය යුතුයි. හැබැයි අවසාන වශයෙන් තුලනයක් විය යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය මේ තුලනය කිරීමට සමත් රජයක්. එනිසා කිසි ගැටලුවක් ඇති වන්නේ නැහැ. ඇයට විරුද්ධව කිසිසේත්ම පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නැහැ.තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කල නිලධාරිනියක්. ඇයව මේ ආණ්ඩුව රකිනවා. පරිසර අමාත්‍යංශයට ඇය පිළිබඳව තියෙන්නේ ආඩම්බරයක්.තව තවත් දේවානි ලා මේ රටේ දහස් ගණන්  බිහි විය යුතුයි. පරිසරයට විශේෂයෙන්ම දේවානිලාගේ අඩුවක් තිබුණා.

පානදුර සිට බෙන්තර දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීමට කමිටු පත් කිරීම සහ පානදුර වෙරළ භුමියේ පොල් පැල වගා කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම ද සිදුකෙරිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More