දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්  ලබාගත් නව ජනවරමට අනුව පවතින ව්‍යවස්ථාවේ අවුල් වියවුල් නිරාකරණය කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණක් බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

සති අන්ත ජාතික පුවත්පත් වලට ලිපියක් යොමු කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීම යනු සැබැවින්ම මර උගුලකට පය තැබීමක් බවය.

” නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීම යනු සැබැවින්ම මර උගුලකට පය තැබීමකි. මීට පෙර පත්කළ සෑම තේරීම් කාරක සභාවක්ම අවසානයේදී බෙදුම්වාදී බලවේග වල වුවමනාවන්ට යටත් වූ බව රහසක් නොවේ. රට අදාළව පත්කළ සර්වපාර්ෂික දේශපාලන කමිටුවල තත්ත්වයද එසේම බව තිස්ස විතාරණ කමිටු වාර්තාව කියවීමෙන් පැහැදිලි වේ. ඊට අදාළව යම් සාධණීය යෝජනා ඉදිරිපත් වූයේ සර්ව පාක්ෂික සමුළුවට සමගාමීව 2006 දී පත් කළ විද්වත් කමිටුවේ එක් පාර්ශ්වයක් මගින් පමණි. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට ලැබුණු සුවිශේෂි ජනවරම අනුව වඩා සුදුසු වන්නේ එතුමා විසින් පත් කරන කොමිසමක් මඟින් මහජන අදහස් ලබා ගැනීම සහ එහි සාමාජිකයන් ලෙස සැබෑ විද්වතුන් පත් කිරීමය. එවැනි මහජන අදහස් ලබා ගැනීමේ කොමිසමක් ජනාධිපතිතුමා විසින් පත් කරන්නේ නම් නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව සාධාරණීකරණය කිරීම සහ සංවාදයට ලක් කිරීම සඳහා හේතු 10 ක් මෙසේ ඉදිරිපත් කළ හැක.”

සම්පූර්ණ ලිපියට පහතින් පිවිසෙන්න

ව්‍යවස්ථා ටින්කරින් වෙනුවට නව ව්‍යවස්ථාවක වුවමනාව: මෙන්න හේතු දහයක්!



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More