ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තහංචි පැනවීම දෙමළ ඩයස්පෝරාවේ වුවමනාවට සිදුවූවක් බව මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසන්නේ මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක් බව කිසිදු භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් මෙම තීරණයට විරුද්ධව කටයුතු කළ යුතු බවයි.
‘‘ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානියාට යම් යම් තහංචි පනවල තියෙනවා. ඇමෙරිකාවත්, බ්‍රිතාන්‍යයත්, ආසියා, යුරෝපා අනෙකුත් රටවලුත් සමග අපේ රට මේ පුංචි දිවයින බොහා් මිත්‍රශීලී තත්ත්වයක් තමයි අනුගමනය කරන්නේ.
මේ ඩස්පෝරාවේ කට්ටිය පමණක් සිහියට අරගෙන ඇමෙරිකාව මේ විදිහෙ ප්‍රකාශයක් කිරීම අපිට බොහොම කනගාටුවට කරුණක්. තවත් ඉදිරියට අපේ වෙන වෙන අයටත් මෙවැනි තහංචි පනවන්න පුළුවන්.
ඒ නිසා දේශපාලන පක්ෂ භේද, ජාති භේද, ආගම් භේද කියන කිසිම භේදයක් නැතුව, එකාවන්ව එක්වී ඇමෙරිකාව කරන මේ ක්‍රියාකාරකමට විරුද්ධව අපි කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම ඔබ හැමදෙනා වෙත මම බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව සිහිපත් කරනවා.’’
මේ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද සිල්වා මහතාට අමෙරිකාව විසින් පණවා ඇති තහනම සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අස්ගිරි මහා විහාර පාර්ශවය මෙරට අමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලීමක් කරයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අස්ගිරි පාර්ශවයේ මහ නායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...