දේශීය පුවත්

අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමරුගේ මෙරට සංචාරයට විරෝධය පල කරමින් 2016 වසරේදී මහජන පීඩාවන් ඇතිවන අයුරින් උද්ඝෝෂණයේ නිරත වීම ඇතුළු චෝදනා යටතේ අදාළව එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 07 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් නඩු පවරා තිබුණි.

මෙම නඩුවට අදාලව අද (17) අධිකරණයේ පෙනිසිටින ලෙස දැනුම් දී තිබුණද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අධිකරණයට පැමිණ නැති බැවින් කොළඹ මහෙස්ත්‍රා ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More