ලංකාවේ ඇස් පෙනීමේ දුර්වලතාවය පිළිබද 2001 හා 2012 ජන සංගණනයන්ගෙන් හෙළිවී ඇත්තේ ඇස් උඩ යන තොරතුරු සමූහයකි. මීට අදාලව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ නිල දත්තයන් දැක්වෙන වගුව මෙසේය.
එම වගුවේ දැක්වෙන ආකාරයට වයස අවුරුදු 15-29 දක්වා පුද්ගලයින්ගේ ඇස් පෙනීමේ දුර්වලතාව 2001ට සාපේක්ෂව 2012 වන විට වැඩිවී ඇත්තේ සුළුපටු ගණනකින් නොවේ. එය 2001දී සංගණනයට මගහැරුණු කුඩා ප්‍රදේශ කිහිපයෙන් ආවරණය කළ නොහැකි තරමේ ඉතා විශාල අගයකි. විශ්ලේෂණය කිරීමේදී මේ සමහර අගයයන් ප්‍රතිශතයක් ලෙස 1000%(සියයට දහස) ඉක්මවන අවස්ථාද ඇති බව මෙතෙක් කිසිවෙකුට නොපෙනුණේ රටේ වගකිවයුත්තන්ගේ ඇස් පෙනීම ද සමස්තයක් ලෙස දුර්වල නිසාදැයි සැකයක් මතුවේ. මේ සා විශාල ප්‍රතිශතයකින් රටේ ඇස් පෙනීම දුර්වල වීමට බලපෑ සැබෑ හේතු කවරේද? ජාතියේ ඇස්වලට මෙලෙස වැලි ගසා ඇත්තේ මොන බූතයා ද? මේ ලිපියේ අරමුණ බූතයා හදුනාගැනීම පිණිස කණවැල ඇල්ලීමයි. ඒ චන්දදායකයාගේ සිට ජනාධිපතිවරයා දක්වාත්, කම්කරුවාගේ සිට විනිසුරුවරයා දක්වාත්, ළදරුවාගේ සිට මහල්ලා දක්වාත් වන සමස්ත ජාතියේ ඇස් පෙනීම වෙනුවෙනි.
අවබෝධකරගැනීමේ පහසුව පිණිස මෙම සංඛ්‍යා ලේඛණයන් කාණ්ඩ තුනක් යටතේ බෙදා සාකච්ඡා කෙරේ.
පළමු කාණ්ඩය- වයස අවුරුදු 05-09 අතර දරුවන් (2001 සිට 2012 වනවිට)
2001දී වයස අවුරුදු 05-09 අතර දරුවන් යනු 2012දී වයස අවුරුදු 15-19 අතර දරුවන් ය. 2001දී ඇස් පෙනීමේ දුර්වලතාව තිබූ දරුවන් 1,185ක් සහිත කණ්ඩායම – අවුරුදු දහයකින් වයසට යද්දී 10,898ක් ලෙස වැඩිවන්නේ කෙසේද? මේ වැඩිවීම අගයක් ලෙස 9,713ක් සහ ප්‍රතිශතයක් ලෙස සියයට අටසිය විස්ස(820%)ක් වන බව අපට නොපෙනුනේ කවර දුර්වලතාවක් නිසාද?
2001 | 2012 | Numbers & Percentage
Increased of same group at 2012 |
||
Age 5-9 years | Male | 695 | 4869 | 4869-695= 4174 (601%) |
Female | 490 | 6029 | 6029-490= 5539 (1130%) | |
Both | 1185 | 10898 | 10898-1185= 9713 (820%) |
මේ ඇස්වලට වැලිගසන බූතයා වැඩියෙන් ඉලක්ක කොට ඇත්තේ ගැහැණු දරුවන් බව ද ඉහත වගුව ඇසුරෙන් පැහැදිලි කරගත හැක. 2001දී වයස අවුරුදු 05-09 අතර ගැහැණු දරුවන් යනු 2012දී වයස අවුරුදු 15-19 අතර ගැහැණු ළමයින් ය. 2001දී ඇස් පෙනීමේ දුර්වලතාව තිබූ ගැහැණු දරුවන් 490ක් සහිත කණ්ඩායම අවුරුදු දහයකින් වයසට යද්දී 6,029ක් වන්නේ කෙසේද? මේ වැඩිවීම අගයක් ලෙස 5,539ක් සහ ප්‍රතිශතයක් ලෙස සියයට එක්දහස් එකසිය තිහ(1130%)ක් වන තරමට මේ බූතයා ගැහැණු දරුවන්ට වින කරද්දී අපේ දරුවන් බේරා ගන්නට අපට නොහැකි වූයේ ඇයි?
දෙවන කාණ්ඩය- වයස අවුරුදු 10-14 අතර දරුවන් (2001 සිට 2012 වනවිට)
2001දී වයස අවුරුදු 10-14 අතර දරුවන් යනු 2012දී වයස අවුරුදු 20-24 අතර තරුණ තරුණියන් ය. 2001දී ඇස් පෙනීමේ දුර්වලතාව තිබූ දරුවන් 1,754ක් සහිත කණ්ඩායම අවුරුදු දහයකින් වයසට යද්දී 9,528ක් ලෙස වැඩිවන්නේ කෙසේද? මේ වැඩිවීම අගයක් ලෙස 7,774ක් සහ ප්‍රතිශතයක් ලෙස සියයට හාරසිය හතළිස් තුනක්(443%)ක් වන බව අපට නොපෙනුනේ ඇයි?
2001 | 2012 | Numbers & Percentage
Increased of same group at 2012 (Age 20-24 years at 2012) |
||
Age 10-14 years | Male | 1047 | 4551 | 4551-1047= 3504 (335%) |
Female | 707 | 4977 | 4977-707= 4270 (604%) | |
Both | 1754 | 9528 | 9528-1754= 7774 (443%) | |
අනෙක් අතට 2001දී වයස අවුරුදු 10-14 අතර ගැහැණු දරුවන් යනු 2012දී වයස අවුරුදු 20-24 අතර තරුණියන් ය. 2001දී ඇස් පෙනීමේ දුර්වලතාව තිබූ ගැහැණු දරුවන් 707ක් සහිත කණ්ඩායම අවුරුදු දහයකින් වයසට ගොස් තරුණියන් බවට පත්වෙද්දී 4,977ක් දක්වා රොකට් වේගයෙන් ඉහළ යන්නේ කෙසේද? මේ වැඩිවීම අගයක් ලෙස 4270ක් සහ ප්‍රතිශතයක් ලෙස සියයට හයසිය හතරක්(604%)ක් වැනි පුදුම හිතෙන අගයක් වන තරමට වින කරමින් මේ බූතයා අපේ ගැහැණු දරුවන් ඇස් වසා තරුණ විය කරා කැදවාගෙන යන අයුරු අපට මගහැරුනේ කෙසේද?
තෙවන කාණ්ඩය- වයස අවුරුදු 15-19 අතර දරුවන් (2001 සිට 2012 වනවිට)
2001දී වයස අවුරුදු 15-19 අතර යෞවන යෞවනියන් යනු 2012දී වයස අවුරුදු 25-29 අතර නාම්බන් ය. නෑම්බියන් ය. 2001දී ඇස් පෙනීමේ දුර්වලතාව තිබූ යෞවන යෞවනියන් 1,832ක් සහිත කණ්ඩායම ම අවුරුදු දහයකින් වැඩිහිටි වෙද්දී 9,324ක් ලෙස වැඩිවන්නේ කෙසේද? මේ වැඩිවීම අගයක් ලෙස 7,492ක් සහ ප්‍රතිශතයක් ලෙස සියයට හාරසිය නවය(409%)ක් වී ඇති බව අපට නොපෙනුනේ ඇයි?
2001 | 2012 | Numbers & Percentage
Increased of same group at 2012 (Age 25-29 years at 2012) |
||
Age 15-19 years | Male | 1080 | 4768 | 4768-1080= 3688 (341%) |
Female | 752 | 4556 | 4556-752= 3804 (506%) | |
Both | 1832 | 9324 | 9324-1832= 7492 (409%) | |
මේ ඇස් නසන බූතයා වැඩියෙන් නැවතත් යෞවනියන් සහ කාන්තාවන් ඉලක්ක කර ඇති බව ඉහත වගුව ඇසුරෙන් ද පැහැදිලි කරගත හැක. 2001දී වයස අවුරුදු 15-19 අතර යෞවනියන් යනු 2012දී වයස අවුරුදු 25-29 අතර කාන්තාවන් ය. 2001දී ඇස් පෙනීමේ දුර්වලතාව තිබූ යෞවනියන් 752ක් වූ කණ්ඩායම අවුරුදු දහයකින් තරුණ වෙද්දී 4,556ක් වන්නේ කෙසේද? මේ වැඩිවීම අගයක් ලෙස 3,804ක් සහ ප්‍රතිශතයක් ලෙස සියයට පන්සිය හය(506%)ක් වෙද්දී පවා බූතයා කවුදැයි හදුනාගන්නට අපට නොහැකි වූයේ ඇයි?
හේතුව ජානමය සාධක ද? පාරිසරික සාධක ද?
මේ ඇස් උඩයන ඇස් පෙනීමේ දුර්වලතාවයට හේතුව ජානමය හෝ ශරීරය තුළින්ම මතුවන ස්වාභාවික හෝ හේතුවක් නම් සෑම විටකදීම 2001 වයස් කාණ්ඩය අවුරුදු දහයකින් වයසට යන විටද අගයේ විශාල වෙනසක් සිදුවිය නොහැක. එනම් 2001දී වයස අවුරුදු 05-09 අතර පෙනීමේ දුර්වලතාව තිබූ දරුවන් ගණන වන 1185ම 2012දී ද වෙනස් නොවී පැවතිය යුතුය. නමුත් සිදුව ඇත්තේ කුමක්ද? ඒ දරුවන් වසර දහයකින් වැඩිහිටි වන විට මෙතෙක් ඇස් පෙනීමේ දුර්වලතාවක් නොතිබූ දරුවන් 9713ක් ඒ ගොඩට එකතු වීමයි. 2001දී වයස අවුරුදු 10-14 අතර පෙනීමේ දුර්වලතාව තිබූ දරුවන් ගණන වන 1754ම 2012දී ද වෙනසක් නොවී පැවතිය යුතු වුවත් සිදුව ඇත්තේ ඒ දරුවන් වසර දහයකින් වැඩිහිටි වන විට මෙතෙක් ඇස් පෙනීමේ දුර්වලතාවක් නොතිබූ තවත් දරුවන් 7774ක් ඒ ගොඩට එකතු වීමයි. 2001දී වයස අවුරුදු 15-19 අතර පෙනීමේ දුර්වලතාව තිබූ දරුවන් ගණන වන 1832ම 2012දී ද වෙනසක් නොවී පැවතිය යුතු නමුත් සිදුව ඇත්තේ ඒ දරුවන් වසර දහයකින් වැඩිහිටි වන විට මෙතෙක් ඇස් පෙනීමේ දුර්වලතාවක් නොතිබූ තවත් දරුවන් 7492ක් ඒ ගොඩට එකතු වීමයි.
එසේම 2001දී වයස අවුරුදු 05-09 අතර පෙනීමේ දුර්වලතාව තිබූ ගැහැණු දරුවන් ගණන වන 490ම 2012දී ද වෙනසක් නොවී පැවතිය යුතු නමුත් ඒ දරුවන් වසර දහයකින් වැඩිහිටි වන විට මෙතෙක් ඇස් පෙනීමේ දුර්වලතාවක් නොතිබූ ගැහැණු දරුවන් 5539ක් – එනම් සියයට එක්දහස් එකසිය තිහ(1130%)ක වාර්තා කුඩුපට්ටම් කරන ප්‍රතිශතයකින් ඒ ගොඩට එකතු වීමයි.
එනම් හේතුව විය යුත්තේ ජානමය හෝ ශරීරය තුළින්ම මතුවන ස්වාභාවික හෝ හේතුවක් නොවන බව පැහැදිලිය. බූතයා ඇග ඇතුලේ සිටි එකෙකු නොවන බවත් බාහිර පරිසරයේ සිට ඇගට වින කරන එකෙකු බවත් පැහැදිලිය. ගැහැණු දරුවන්ටත් යෞවනියන්ටත් වැඩියෙන් ආරූඪ වන බූතයෙකු බවද පැහැදිලිය.
කොළඹ වාණිජ මහාධිකරණයේදී බූතයා හදුනාගැනේ.
නඩු අංකය ; 29/2018/අයිපී
පැමිනිලිකරු ; යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ්
නියෝගයේ දිනය ; 2019.02.15
නියෝගයේ 3වන පිටුව
උපුටාගැනීම- “ඊට අමතරව පැමිණිලිකාර සමාගම නිශ්පාදනය කරන ලක්ස් සහ ලයිෆ්බෝයි යන නිශ්පාදනවල සෝඩියම් ඇල්කයිල් සල්ෆේට් සහ සෝඩියම් ඩොඩෙසයිලි බෙන්සීන් සල්ෆේට් යන රසායන ද්‍රව්‍ය අඩංගුකර ඇති බව පෙන්වා දී ඇත. එසේම එම පැමැණිලිකාර සමාගම ම ලංකාව හැර වෙනත් රටවල නිශ්පාදනය කරන ලක්ස් හෝ ලයිෆ්බෝයි සබන් සදහා එම රසායන දුව්‍ය යොදන්නේ නැති බව ද ලේඛන මගින් පෙන්වා දී ඇත. පෙර සදහන් කළ රසායන දුව්‍ය විශේෂයෙන් පාවිච්චි කරන්නේ ඇග ගල්වන සබන් සදහා නොව රෙදි සෝදන සබන්, රෙදි සෝදන ඩිටර්ජන් වර්ග, භාජන සේදීමට ගන්නා ඩිටර්ජන් වර්ග හෝ වාහන සේදීමට, කාපට් සේදීමට ආදියට භාවිතා කරන වර්ග බවය. (පිටුව 3)
මෙම නඩුවේ පැමිණිලිකරු වෙනුවෙන් තර්ක කර තිබෙන්නේ බේදින්බාර් යන නිශ්පාදනයට සබන් යනුවෙන් හැදින්වීමට නීතියෙන් කිසිදු බාධාවක් නැති බවය. ඔහු එසේ කියා සිටියත් ඔවුන්ගේ නිශ්පාදනවල කිසිදු තැනක සබන් යන වචනය පාවිච්චිකර නැත. එසේම ඔවුන්ගේ නිශ්පාදනයෙහි බේදින් බාර් යන වචනය සදහන් කර ඇත්තේද කිසිදු පුද්ගලයෙකුට බැලු බැල්මට පෙනෙන ආකාරයට නොවේ. ඉතාම කුඩා අකුරින් බේදින්බාර් යන නම සදහන් කර ඇත. මේ අනුව බැලු බැල්මට පැමිණිලිකාර ආයතනයද ශ්‍රී ලංකාවේ පාරිබෝගිකයින් නොමග යවන ආකාරයේ ක්‍රියාවක යෙදී සිටින බව පැහැදිලිය. (පිටුව 5)
තවත් කරුනක් වන්නේ පෙර සදහන් කරන ලද ශරීරය සේදීමට නොව වෙනත් ද්‍රව්‍ය සේදීමට පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය ශ්‍රී ලංකාවේදී පමණක් පැමිණිලිකාර සමාගම ලක්ස් සහ ලයිෆ්බෝයි යන නිශ්පාදනයන්ට එකතුකර තිබීමය. ඔවුන් වෙනත් රටවලදී එම ද්‍රව්‍ය භාවිතා කර නැත. ඒ අනුව බැලු විට පැමිණිලිකාර සමාගම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට එක්තරා ආකාරයකට අඩු සැලකිල්ලක් දක්වා ඇත. ඒ අනුව බැලූ විටද පැමිණිලිකාර සමාගමේ ක්‍රියා කලාපය අවංක පරිචයක් වශයෙන් හැදින්වීමට නොහැකිය. (පිටුව 6)” -උපුටාගැනීම අවසන්
එනම්;
SDBS සහ ඇස් පෙනීමේ දුර්වලතාව අතර ඇති සම්බන්ධය කුමක්ද?
ලොව පිළිගත් “International Journal of Toxicology” නමැති පර්යේෂණ වාර්තා සගරාව තම 2010 වසරේ කළ සොයාගැනීමට අනුව SDBS රසායනිකය 0.4%ක් හෝ ඊට වැඩියෙන් භාවිතා කිරීම මනුෂ්‍යයින්ගේ ඇස් පෙනීම දුර්වල කිරීමට හේතු වේ. නමුත් SDBS නමැති මේ ඇස්වලට අහිතකර රසායනිකය 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයන්ගෙන් ඉහත කී “ලක්ස් සහ ලයිෆ්බෝයි නාන කැට” සදහා යොදාගෙන ඇති බව යුනිලීවර් සමාගම විසින් ම පිළිගන්නේ ඉහත කී නඩුවට අදාලව එම සමාගම ගොනුකළ ලේඛණවලිනි.
වඩාත් වැදගත් අනෙක් කරුණ වන්නේ යුනිලීවර් සමාගම තම “ලක්ස්“ සහ “ලයිෆ්බෝයි” නමැති ඇග ගල්වන සබන්වල “සබන් බව” අහෝසි කොට ඒවා “බේදින් බාර්” හෙවත් “නාන කැට” බවට පත්කොට ඇත්තේ 2001 දී ඔවුන් විසින් ම බලපෑම්කොට ඇතිකරගත් 20/12 අංකය දරණ නව ප්‍රමිති පිරිවිතරයට අනුකූලව වීමයි. එනම් මේ රෙදි සේදීමට, භාජන සේදිමට, වාහන සේදීමට සහ කාපට් සේදීමට ගන්නා SDBS නමැති විෂකාරකය යොදා, ඊට පෙර ලංකාවේ මිනිසුන්ට සබන් අලෙවි කළ වෙළද නාමයන්ම භාවිතා කරමින් නිපදවන ලද “නානකැට කොඩිවිනය”ට 2001 වසරේ සිටම අපේ දරු දැරියන් ප්‍රමුඛ සමස්ත සමාජයම ගොදුරු වී සිටින බව නොවේද? ඒ අනුව 2001 සිට අපේ දරු දැරියන් ප්‍රමුඛ සමස්ත සමාජයම, පැහැදිලිව පෙනෙන වැඩි වේගයකින් වර්ධනය වී ඇති ඇස් පෙනීමේ දුර්වලතාවයෙන් පීඩා විදිනුයේ මේ යුනිලීවර් බූතයාගේ නානකැට කොඩිවිනය නිසා වන බවට සැක කිරීමට තවත් පැහැදිලි කිරීම් අවශ්‍ය වන්නේද?
බූතයා දුටුවාද?
0.4%ක් පවා හානිකර බව විද්‍යාත්මකව තහවුරු කර තිබියදී 3.1% සිට 5.1% දක්වා ප්‍රමාණයකින් තම “ලක්ස් සහ ලයිෆ්බෝයි නාන කැට” සදහා මෙම විෂ රසායනිකය 2001 වසරේ සිට යොදා ගැනීමත් 2001 වසරේ සිට රටේ සිදුව ඇති ඇස් පෙනීමේ දුර්වලතාවත් අතර නෑදෑකමක් නැතැයි තවත් ඇස් පියාගෙන සිටිය හැකි කවර හෝ මට්ටමේ අන්ධයෙකුට මේ කණවැල පළක් නොවනු ඇත. නමුත් නිළියන් මෙන් රූ සපුව වඩවාගැනීම පිණිසත්, විෂබීජවලින් තොර පූර්ණ ආක්ෂාවක් පිණිසත් රවටන ලද රටේ ගැහැණු දරුවන් ඇතුළු සමස්ත පරම්පරාවක ඇස්, තම ලාභය වෙනුවෙන් මෙලෙස උගුල්ලා දැමීමට මෙවැනි පාපකාරී සමාගමකට ඉඩ දී තවත් බලා සිටීමට තරම් හෘද සාක්ෂියේ ගැටුම ඉඩනොදෙන බළධාරීනි, නිළධාරීනි, මේ කණවැල ඔබ සදහා ය.
මේ පව්කාරකමට නොයෙක් ආකාරයෙන් සම්මාදම් වූ සහ සම්මාදම් වන ඉහළ සිට පහළට වූ ඕනෑම කෙනෙකුට ද මේ කණවැල අල්ලාගෙන තම පවින් එතෙර විය හැක. ඒ සදහා හිත හදාගත නොහැකිව මේ බූතයා යටතේ පඩියට වැඩ කරන විධායක නිළධාරියාගේ සිට සේල්ස් රෙප් දක්වා සියළු බූත සහායකයින්ට(ත් ඔවුන්ගේ අඹු දරුවන්ටත්) හෙන ගහන්නේ නැද්ද? ඒ උපයන මුදලින් කන කෑමත් බොන බීමත් අපත්ති වන්නේ නැද්ද? කන්නාඩි දමාගෙන පාසල් යන දරුවෙකුගේ මුහුණ දෙස ඔවුන් බලන්නේ කෙසේද? එවන් දරුවෙකු ඉදිරියට හමුවූ විට මහා පව්කාරකමක් ඔවුන්ගේ හිතට නොහැගේ ද? සමහරවිට ඒ ඇස් පෙනීම දුර්වල දරුවා තමන්ගේම දරුවා විය නොහැකිද? තම පියා විසින් තම ඇස් පාදනු ඇතැයි දැඩිව විශ්වාස කරන තමන්ගේම දරුවාගේ ඇස්, වොෂින් පවුඩර් දමා විනාශ කරන්නේ තමාම බව දරුවා දැනගත් විට ඒ දරුවාගේ ශාපය කෙසේ හිස මත පතිත වනු ඇත්ද?
වෙළද දැන්වීම්වල ගිණුමේ විශාලත්වය නිසා මේ බූතයා ගැන හෙලිදරව් නොකර මුනිවත රකින සියළු මාධ්‍යවේදීන්ටත් සියළු මාකටින් මැනේජර්ලාටත් මේ අත්දැකීමට මුහුණ දීමට සිදුවන්නේ නැතිද? අමාරුවෙන් ලෝකය දෙස බලන දරුවන් මේ සත්‍යය වටහා ගත් දිනෙක ඔවුන්ගෙන් දශමයක හෝ සමාවක් ඔය පෑනට හෝ ටයි පටියට ලැබේවිද?
මේ ඇස් උගුලාකන බූතයා වෙනුවෙන් අධිකරණ හමුවේ පෙනී සිටිමින් නීතිවේදීන් ඉදිරිපත් කරන කෙස් පැලෙන තර්ක වස් කවියක් වී යළි ආපිට නොඑන්නේ ද? ඔවුන්ගේ දරුවන් කන්නාඩි අතරින් තම මව දෙස, පියා දෙස බලද්දී ඒ වස්කවිය හෙන ගෙඩියක් වී පපුව ඇතුලේම පුපරා යන්නේ නැතිද?
කවර හෝ හේතුවක් නිසා මේ බූතයා ගැන නෑසූ කන්ව නොදුටු නෙතින් සිටින බළධරයින්ගේ මුණුපුරු මිණිපිරියන් තම සීයාටත් ආච්චිටත් සාප නොකරනු ඇද්ද? දේශපාලන බලයෙන් හෝ රාජකාරි නිල බලයෙන් හෝ ඔලුව උදුම්මවාගෙන හිත රවටාගැනීමෙන් මේ පව්කාරකමෙන් මිදිය හැකිද? විශ්‍රාම ගිය පසුත් මරණ මංචකයේදීත් යළි යළිත් සිහිපත්වෙමින් මෙලොව වශයෙන් අන්ධ වී, කුණුවීගොස් මේ කරන පාපයට දිට්ට ධම්ම වේදනීය වන්දියක් ගෙවීමට සිදු නොවනු ඇතැයි සහතිකයක් දියහැක්කේ කවර ජගතාටද? කවර බහුජාතික සමාගම් ලොක්කාටද?
බළධරයිනි, දේශපාලකයිනි, සියලු වර්ගවල බූත සහායකයිනි. ගොනා පසුපස, රියසක එන්නේමය. ඔබ සියළු දෙන ඒ සංසාරික සත්‍යය වටහාගත යුතුය. එපමණකින් නොනැවතී ඔබ ඔබේ යුතුකම, වගකීම, රාජකාරිය ඉටුකළ යුතුය. මේ කොඩිවිනය කැපීම සදහා අවශ්‍යවන තොවිලය අප්‍රමාදව කළයුතුය.
ඇස් කන්නාඩියේ රුව ගුණ මෝස්තර සොයා හොදම වර්ගයේ ඇස් කන්නාඩියක් මිලදීගැනීමෙන් මේ ප්‍රශ්නය සාමාකාමීව විසදාගැනීම වින්දිතයන්ගේ තෝරාගැනීම නොවිය යුතුය. මේ සංඛ්‍යාලේඛණ තුළ සජීවීව නියෝජනය වන, අපහසුවෙන් දෙනෙත් විදාලන වින්දිතයිනි. ඔබද මේ සාහසික අපරාධය හදුනාගත යුතුය. ඊට එරෙහිව නැගී සිටිය යුතුය. හෙට දවසේ දරුවන් වෙනුවෙන්වත් අරගල කළ යුතුය. ඔබට වූ අවනඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා සිටිය යුතුය. මේ දුෂ්ට යුනිලිවර් බූතයාගේ නානකැට කොඩිවිනය කපන්නට ඇස් දෙකේ නාමයෙන් එක්විය යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...