දේශීය පුවත්

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සම්බන්ධයෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා දැඩි චෝදනා එල්ල කරයි.

පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂවරුන් ඝාතනය කිරීමට යෝජනා කළ දෙමළ සන්ධාන කණ්ඩායම්වලට ආණ්ඩුකාරවරිය විසින්  තනතුරු ලබා දී ඇති බව ඔහු සදහන් කරයි.

රාජපක්ෂවරුන් දේශපාලනයෙන් අතුගා දැමීමට කුමන්ත්‍රණ කල පිරිස් නැවතත් පස්සා දොරෙන් තම බලවේගයට එකතු වී ඇතැයිද ඔහු පැවසීය.

මේ ආණ්ඩුව බිහි කිරීම සඳහා උදව් උපකාර කළ බොහෝ පිරිසක් සිටිය දී බාහිරින් පිටස්තරයන් සම්බන්ධ කරගෙන තනතුරු දී ඇතැයි ද ඔහු චෝදනා කළේය.

නැගෙනහිර ආණ්ඩුකාරවරිය ගේ ක්‍රියා කලාපය හේතුවෙන් අද තම බලවේගය බරපතළ ලෙස බිද වැටී ඇති බවත් ආණ්ඩුකාර ක්‍රියාත්මක වන්නේ ආණ්ඩු විරෝධී ක්‍රියා පිළිවෙත බවද ඔහු කියා සිටියේය.

අම්පාරේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම චෝදනාව එල්ල කළේය. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය දරන්නේ අනුරාධ යහම්පත් මහත්මියයි.

නැගෙනහිර ආණ්ඩුකාරවරියට විමලවීර දෙහි කපයි..

නැගෙනහිර ආණ්ඩුකාරවරියට විමලවීර දෙහි කපයි..

Gepostet von Hiru News am Montag, 17. Februar 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More