දේශීය පුවත්

දෙමළ ජාතික සංධානයේ නායක ආර් සම්බන්දන් මහතා සහ අමෙරිකා විදේශ සබඳතා පිළිබඳ ආසියා පැසිෆික් කලාපය භාර අමෙරිකානු නියෝජිත ඇමි බේරා (Ami Bera) අතර ඊයේ (17) කොළඹදී සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී පවතින දේශපාලන තත්වය සම්බන්ධයෙන් කෙටි දැනුවත් කිරීමක් සිදු කර ඇති ආර් සම්බන්දන් මහතා නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පැවති රජය ගත් ක්‍රියාමාර්ග පැහැදිළි කර තිබේ.

නමුත් වර්තමාන රජය ඊට වෙනස් අකාරයකින් කටයුතු කරන බව පවසා ඇති මන්ත්‍රීවරයා මෙසේ අදහස් දක්වා ඇත.

“බලය බෙදීමේ ක්‍රියාමාර්ගයකට බහුතරයක් අකමැති බව මේ රජය පවසනවා. මෙය කිසිසේත්ම සත්‍යයක් නෙමෙයි. එබැවින් මේ සඳහා ගතහැකි වෙනත් ක්‍රියාමාර්ග මොනවාදැයි සොයා බලන්න අපට සිදු වී තිබෙනවා.

පැවති රජයන් අපට මේ සම්බන්ධයෙන් පොරොන්දු ලබා දී තිබෙනවා. පවතින රජය ඒ සඳහා පොළඹවන්නට ජාත්‍යන්තරය කටයුතු කළ යුතුයි.

ලොව අනෙක් රටවල් වගේම බලය බෙදීම මූලික කරගත් දේශපාලන විසඳුමක් අපට අවශ්‍යයි.

ශ්‍රී ලංකාව මගේ රට. ළඟදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහින්ද රාජපක්ෂට මතක් කර දුන් ආකාරයටම දෙමළ ජනතාවට සමාන අයිතිවාසිකම් සහිත පුරවැසියන් ලෙස ජීවත් වීමේ අයිතිය හිමිවිය යුතුයි.

අර්ථාන්විත දේශපාලන විසඳුමක් අපට ලබා දෙන්නට අසමත් වුවහොත් රටේ තත්වය වඩා නරක අතට හැරෙන්නට පුළුවන්. LTTE සංවිධානය බිහි වුනේත් හිටපු සිංහල දේශපාලකයන් දුන් පොරොන්දු රැක ගැනීමට අසමත් වූ නිසා.’

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරය හමුවේ ලබා දුන් පොරොන්දු ඉටු කරන බවට වග බලා ගන්නට හැකි සෑම දෙයක්ම අමෙරිකාව සිදු කරන බවට එහිදී නියෝජිත Ami Bera මෙහිදී පොරොන්දුවක් ලබා දී ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More