විදේශ පුවත්

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන තත්වය සම්බන්ධයෙන් වොෂින්ටනයේ අභිලාශය වූ “අර්බූදය විසඳීම” යන ප්‍රවේශයට එරෙහිව යමින් රුසියාව ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ත්‍රස්තයන්ට එරෙහිව ගෙනයන යුද්ධය දිගටම කරගෙන යාමට ප්‍රතිඥා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු වන දිමිත්‍රි පෙස්කොව් මහතා පෙබරවාරි 17 වනදා ක්‍රෙම්ලිනයේ පැවති මාධ්‍යය හමුවකදී කියා සිටියේ රුසියානු ආරක්ෂක හමුදාව මෙන්ම රාජ්‍යය ආරක්ෂක උපදේශකයන්ද, සිරියානු අරාබි සන්නද්ධ හමුදාව ත්‍රස්තවාදයට එරෙහිව ගෙනයන සටනට උපරිම සහයෝගය දක්වන බවයි.

සිරියාවේ වයඹ දිග පලාතේ ප්‍රාන්තයක් වන ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ත්‍රස්ත ප්‍රහාර ඉහළ යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ රුසියානු ආන්ඩුව ඉඩ්ලිබ් ප්‍රාන්තයේ ත්‍රස්තයන් පුනර්ජීවනය ලැබීම සම්බන්ධයෙන් කනගාටුවන බවයි.

දිමිත්‍රි පෙස්කොව් මහතාගේ ප්‍රකාශය, ඊට පෙර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩොගාන් සමඟ කළ දුරකථන සාකච්ඡාවේදී පවසා සිටි ඉඩ්ලිබ් ප්‍රාන්තයේ සිදුවන ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන ඔහුගේ කනගාටුව ප්‍රකාශ කිරීමට පසුව වීම විශේෂත්වයකි.එසේම ධවල මන්දිරයේ නියෝජ්‍යය මාධ්‍යය ප්‍රකාශකයෙකු වන ජඩ් ඩේරී මහතා, රුසියාව අසාද් පාලනයට උදව් කිරීම නවතා දමනු ඇති බවට කළ බලාපොරුත්තු සහගත ප්‍රකාශයද ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අගය කරනු ලැබීය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More