දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයට සමගි ජන බලවේගය සන්ධානය යටතේ හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත. එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවීන් දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ අද (19 වැනිදා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට මෙම යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එසේම සන්ධාන නායකත්වය සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ලබාදීම පිළිබඳව ගැටලුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පැවැසීය.

පසුගිය එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවේදී අනෙකුත් පක්ෂ සමග ඒකාබද්ධ පිහිටුවනු ලබන සන්ධානය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර අවසානයේ මැතිවරණ නීතියට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල එකඟතාවන්ට අනුව තරග කරන සන්ධානය භාවිත කළා හැකි නම සහ සලකුණ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා එජාප නීති අංශයේ උපදෙස් විමසීමට තීරණය කෙරිණි.

ඒ අනුව එජාප නීති අංශය විසින් ‘සමගි ජාතික බලවේගය’ අදාළ සන්ධානයේ නිල නාමය ලෙස භාවිත කළ හැකි බව පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත. එසේම එම සන්ධානයේ සලකුණ ලෙස හංසයා ලකුණ භාවිත කළ හැකි බවද එජාප නීති අංශය විසින් දැනුම්දී ඇත.

සන්ධාන නාමය සහ සලකුණට මේ වන විට එජාපයේ සියලු පාර්ශ්ව එකඟතාව පළකර ඇතැයිද වාර්තා සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More