පාසල් දරුවන්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීම සඳහා ප්‍රකාශයට පත් කළ ‘හතේ අපේ පොත’ කෘතිය පාසල්වලින් යළි එකතු කිරීමට තීරණය කළත් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශයට ලැබී ඇත්තේ පොත් 25000ක් පමණි.
සිංහල මාධ්‍ය කෘති ලක්ෂ තුනක් සහ දෙමළ මාධ්‍ය කෘති පනස්දහසක් පාසල් දරුවන්ට බෙදාදී තිබේ. මෙම කෘතිය සම්බන්ධයෙන් විරෝධයක් මතුවීම ආරම්භ වූ පසු පාසල් දරුවන්ගෙන් පොත් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරන ලදී. බෙදාදී ඇති පොත්වලින් තුන් ලක්ෂ විසිපන්දහසක්ම පාසල් දරුවන් සතුව පවතින බව අමාත්‍යාංශය පේනවා දෙයි.
ඉදිරියේදී ලිංගික අධ්‍යාපනය පිළිබඳ පොතක් සකස් කිරීමේදී පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ සභාවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති සහ ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කරන බව අතිරේක ලේකම්වරයා පවසයි. මෙම පොතේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය කමිටුවක් පත්කර උපදෙස් ලබා දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...