අමෙරිකාව පදනම් කරගත් විද්වතුන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාවකට අනුව හෙළිවී ඇත්තේ රාජ්‍යය බාධාකාරී ආර්ථිකයේ සිට රාජ්‍යය නිර්බාධා ආර්ථිකයට ඉන්දියාව සීරු මාරු වීමෙන් පසු ඉන්දීය ආර්ථිකය විශාල දියුනුවකට ලක්ව ඇති බවයි.
වාර්තාව උපුටා දකමින් “ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා” පුවත් සේවය ප්‍රකාශ කරන්නේ 2019 වර්ෂයේදී බ්‍රිතාන්‍යය සහ ප්‍රංශ ආර්ථිකයන් පසුකර යමින් ඉන්දියාව ලෝක ආර්ථික තරඟයේ පස්වැනි ස්ථානය අත්පත් කර ගැනීමට සමත්ව ඇති බවත් ඉන්දියාවේ 2019 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 2.94 ක් බවට පත්වී ඇති බවත්ය.අමෙරිකානු විද්වතුන්ගේ වාර්තාවට අනුව 2019 වර්ෂයේ බ්‍රිතාන්‍යයේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 2.83ක් වන අතර ප්‍රංශයේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 2.71කි.
තවද වාර්තාව වැඩිදුරටත් පවසා සිටින්නේ ක්‍රය ශක්ති සාම්‍යය purchasing power parity (PPP) හෙවත් මිළදී ගැනීමේ හැකියාව සමඟ දළ දේශීය නිෂ්පාදනය සැසඳීමේදී දළ දේශීය නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 10.51 කට ඔසවා තැබීමට ඉන්දියාව සමත් වී ඇති බවයි.එම අගය ජපානයේ සහ ජර්මනියේ තත්වය සමඟ සැසඳීමේදී ඉන්දියාව ඔවුන් පසුකරගෙන ගොස් ඇත.
නමුත් දළ දේශීය නිෂ්පාදනයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2170ක් වැනි අගයකට ළඟාවී ඇත්තේ ඉන්දියාවේ විශාල ජනගහනය හේතුවෙනි. වාර්තාවට අනුව ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ අගයක් ගත්තද ආර්ථික වර්ධන වේගයේ ඇති පසුබෑම තුන්වැනි වර්ෂයටද දිග් ගැසෙමින් 2018 වර්ෂයේ ආර්ථික වර්ධන වේගය වූ 7.5%, 2019 වර්ෂයේදී 5% දක්වා පහත බැස තිබුනි.
වාර්තාවේ නිගමනයන්ට අනුව ඉන්දියාව මෙම තත්වය අත්පත් කරගන්නේ 1990 දශකයේ මුල් භාගයේදී ඉන්දියාව ප්‍රතිපත්තිමය වශයෙන් ආර්ථිකය ලිබරල්කරණයට ලක් කිරීමට තීන්දු කිරීම, නිෂ්පාදන ක්ෂේත්රයේ නීති රීති ලිහිල් කිරීම විදේශීය ආයෝජන දිරිමත් කිරීමට කටයුතු කිරීම සහ රාජ්‍යය දේපොළ පෞද්ගලීකරණයට ලක් කිරීම වැනි කාරනා හේතුවෙනි.
ඉන්දියානු ආර්ථිකයේ සේවා අංශය ලෝකයේ වේගයෙන්ම දියුණුවන සේවා අංශය වන අතර එය ඉන්දියානු ආර්ථිකයේ 60%කට උරුමකම් කියනු ලබන ඉන්දියානු රැකියා වලින් 28%කට දායකත්වය දීමට සමත්ව තිබෙන සේවා අංශයකි.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...