සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වාරය මැද සිදුරක ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ අනුව මෙම වර්ශයේ ගුරු මාරු කටයුතු ක්‍රියාත්මක කරන දිනය ඉදිරියේදි දැනුම් දීමට නියමිත අතර, මේ හේතුවෙන් ගුරු මාරු මණ්ඩල රැස්වීම් නතර කිරීමක් සිදු නොකරන බවත්, ඉදිරියේදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිත අතර එමගින් ගුරු ස්ථාන මාරුව පිළිබඳව විනිවිදභාවයෙන් යුතුව තොරතුරු යාවත්කාලින වනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...