අද (19) පැවැති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වජිර අබේවර්ධන සහ පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ‘අලියා’ ලකුණ යටතේ එජාපය මැතිවරණයට තරග කළ යුතු බව නැවත වතාවක් කියා සිටීමත් සමග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් වී ඇති බවක් වාර්තා වේ.
ඊට පෙර දින පක්ෂයේ උපදේශක කමිටුව මගින් ‘හංසයා’ ලකුණ යටතේ තරග කළ යුතු බවට තීන්දුවක් ගෙන තිබියදී මේ දෙදෙනා අලියා ලකුණ යටතේ තරග කළ යුතු බව ප්‍රකාශ කිරීමත් සමග රැස්වීම මෙසේ උණුසුම් වී තිබේ.
කෙසේවෙතත් අනෙකුත් සාමාජිකයන් ඊට එරෙහිව අදහස් දක්වා ඇති අතර අවසානයේදී ‘හංසයා’ ලකුණ පිළිබදව අවසන් තීන්දුවක් ගැනීම සදහා මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමුවී සාකච්ජා කිරීමට රවි කරුණානායක සහ රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන්ට බාර දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...