කවුරු මොනවා කිවුවත් 30/1 යෝජනාවක් ඉවත් වූ පමණින් රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් ගලවාගත නොහැකි බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය පවසයි. ඒ සඳහා OISL වාර්තාවෙන් එල්ල කරපු ලැබූ මූලික චෝදනා 8 ට පිළිතුරු බැඳිය යුතු බව ඔවුන් සඳහන් කරයි.
චෝදනා නිෂ්ප්‍රභා නොකරන තාක්කල් ජාත්යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙන බව පවසන ඔවුන්, 30/1 යෝජනාවෙන් ඉවත්වන සමගම චෝදනා වලට පිළිතුරු බැඳීම සඳහා අවස්ථාව ඉල්ලා සිටිය යුතු බවට අවධාරණය කරයි.
නව ජනවරමට ලැබු පළමු සැසියේදී එනම් මාර්තු සැසියේදී එය කළ යුතු බවද ඔවුන් පවසයි. ඔවුන් විසින් හමුදාපති ශවේන්ද සිල්වා මහතාගේ ඇමරිකානු විසා තහනම් පිළිබඳ දැඩි විරෝධය පළ කරමින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...