දේශීය පුවත්

රටේ පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සහ ඊට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් හෙට (06) දින පෙ.ව. 10.00 ට පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වීමට නියමිතයි.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රතිනපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
මේ වනවිට මෙම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තිස්දෙදෙනෙකු (32) අත්සන් කර තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හෙට දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීමට නියමිත බවත් රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

මීට අමතරව මෙම විශ්වාසභංග යෝජනාව ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පෙළගැසී සිටින එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සමග ඒකාබද්ධ විපක්ෂය හෙට දින සාකච්ඡා පවත්වන බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

කෙසේ නමුත් හෙට දිනය ඇතුළත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසුරිය මහතාට බාරදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාහ කළේය.

මීට අමතරව අතුරුදන්වුවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීම සහ එම කාර්යාලයට පත්කර තිබෙන නියෝජිතයින් ගැනද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේනතු මන්ත්‍රි කණ්ඩායමේ අවධානය යොමුවන බවද රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

වහාම ඉල්ලා අස්වී පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ආණ්ඩුවට බලකරමින් 07 වැනිදා නුගේගොඩදී පැවැත්වෙන ජනරැළිය ගැනද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More