මහපොල ශිෂ්‍යත්ව ලබා දීම සම්බන්ධයෙන් ඇති වී තිබූ ගැටළුකාරී තත්ත්වය නිමා කරමින් අධ්‍යයන කටයුතුවලට සහභාගිවන සිසුවෙකුට හිමි වාරික 50 ක ප්‍රමානය ඔහු අධ්‍යාපනයේ නියැලෙන කාලය තුළ,කිසිදු වාරික අඩු කිරීමකින් තොරව ගෙවා දැමීමට මහපොල ශිෂ්‍යත්ව අරමුදල තීරණය කර ඇත. ඒ අනුව 2017 ජනවාරි මස සිට එම වසරේ නොවැම්බර් දක්වා අධ්‍යයන කටයුතුවලට සහභාගි නොවුණද,එම වසරේ දෙසැම්බර් මස සිට ඉදිරියට එම වාරික 50 සම්පූර්ණවන සේ මහපොල ශිෂ්‍යාධාර ගෙවීම සිදුවනු ඇත.එහිදී දැනටත් ගෙවීම ආරම්භ කර ඇති පරිදි ඉකුත් වසරේ දෙසැම්බර් මස සහ මේ වසරේ පළමු සහ දෙවන මසට අදාළ හිග ගෙවීම්ද ශිෂ්‍යයන්ට ලැබෙනු ඇත.
මේ නිසා ඇතැමුන් දේශපාලන වාසි ලබා ගැනීම සදහා ශිෂ්‍ය අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වනු ඇත. කබීර් හෂීම් මහතා මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශිෂ්‍යයන්ගේ මහපොල සම්බන්ධයෙන් විශයභාර අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සමග කල සුහද සාකච්ඡාවලින් අනතුරුව මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව මහපොල ශිෂ්‍යත්ව අරමුදල මෙම තීරණයට එළැඹ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...