ජිනීවා නුවරදී හෙට (24 වැනිදා) ආරම්භ වන හතළිස්තුන්වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සැසියට යෝජනා පහක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව 2015 ඔක්තෝබර් මාසයේදී 30/1 හා 2017 මාර්තු මස අංක 34/1 දරන යෝජනා හා ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය’ යනුවෙන් 2019 මාර්තු මස අංක 40/1 දරන සම්මත වූ යෝජනාවල සම අනුග්‍රහයෙන් ඉවත්වීම ප්‍රකාශ කිරීමටද නියමිතය.
ඒ වෙනුවට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා විමර්ශනය කළ විමර්ශන වාර්තා, සමාලෝචනය කිරීම සඳහාත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කර රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කරන බව දැනුම් දීමට නියමිතය.
ප්‍රජාතන්ත්‍රවාදී හා නෛතික ක්‍රියාදාමය ඔස්සේ, විසඳී නොමැති ගැටලු නිරාකරණය කිරීම හා අවශ්‍ය තැන්හි ආයතනික ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන බවටද සඳහන් කිරීමට සැලසුම් කර ඇත.
මේ අනුව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දූත පිරිස ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවට සහභාගි වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධනගෙන් කළ විමසීමේදී ඇමැතිවරයා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයෙන් අනුමත කළ එම යෝජනා පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කර ඇති නිසා සියල්ලන්ටම විවෘතව අදාළ යෝජනා, මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...