එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් සිව් දෙනෙකුට මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයන් අවශ්‍ය බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස පාර්ශ්වය වෙත දැනුම් දී ඇත.
එජාප නායකයා මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ කථානායක කූ ජයසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, නව එජාප සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් කථානායක නිල නිවසේ පැවති සාකච්ඡාවකදීය.
එම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ තමන්ට සහ කරූ ජයසුරිය, නවීන් දිසානායක, හා දයා ගමගේට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අවශ්‍ය බවයි.
මේ සදහා තම කැමැත්ත සජිත් පාර්ශවය විසින් පළ කර ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...