දේශීය පුවත්

බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් පිළිබඳ ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ පසුවිපරම් කරමින් සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කර ඇත.

හියුමන් රයිට්ස් වොච් සිය නව වාර්තාව නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා හා බුද්ධි අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහිව පසුවිපරම් කිරීම් හා තර්ජන කිරිම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූ දා සිට තීව්‍ර කර ඇති බවයි.

සාමාන්‍ය ආරක්‍ෂක ජාලය හැරුණු විට ආරක්‍ෂක අංශ සහ බුද්ධි අංශ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්‍ෂණය කිරීමේ කටයුතුවල නිරත නොවන බවයි ඊට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ.

ආරක්‍ෂක ලේකම්වරයා පවසන්නේ ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ආරක්‍ෂක අංශ සහ පොලීසිය දැඩි අවධානයෙන් පසුවන නමුත් ශ්‍රී ලංකාවේ නිශ්චිත පිරිසක් ඉලක්ක කර නොගන්නා බවයි.

උතුරු හා නැගෙනහිර ස්ථාන හයක සේවය කරන ක්‍රියාකාරීන් හියුමන් රයිට්ස් වොච් වෙත පවසා ඇත්තේ රජයේ පසුවිපරම් හා බිය ගැන්වීම්වල සැලකිය යුතු වැඩි වීමක් සිදුව ඇති බවයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසි ඉලක්ක කර ගනිමින් රජය අපකීර්තියට පත් කිරීම සඳහා මෙම චෝදනා රටේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව එල්ල කරන බව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

පාස්කු ඉරිදා දින සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර වැනි මාරාන්තික සිදුවීම් වලක්වා ගැනීම සඳහා ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා අනාගත ආරක්‍ෂක තර්ජනයන්ට මුහුණ දෙන ලෙස ජනාධිපතිවරයාගේ නියෝගය අනුව හුදකලා ලෙස ක්‍රියාත්මක වූ හා අවුල් සහගතව පැවති සමස්ත බුද්ධි ජාලය ශක්තිමත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බිය ගැන්වූ බවට සිදු කරන ප්‍රකාශවල සත්‍යතාව තහවුරු කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නිව්යෝර්ක්හි අයිතිවාසිකම් සංවිධානය වන හියුමන් රයිට්ස් වොච් වෙතින් ඉල්ලා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More