ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩුවක් පිහිටුවීමට තමා පුද්ගලිකව එකඟ නොවූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හාරිස්පත්තුව ප්‍රෙද්ශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන්කළේ ,පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති වත්මන් විපක්ෂය, ජනතාව වෙනුවෙන් ගෙන එන යෝජනාවලට පවා විරුද්ධ වන බවට තමා කල්තබා තේරුම්ගෙන සිටි බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
“මම මේක භාරගන්න අවස්ථාවේම කිවුවා,මේක භාරගන්න එපා කියලා, ආණඩුව එයාලටම කරගෙන යන්න දෙන්න කියලා.
හැබැයි වැඩිදෙනා කිව්වේ භාරගෙන අපි මේක කරමු කියලා.
විපක්ෂයට වැඩි ආසන ප්‍රමාණයක් තියාගෙන ඉදිරියට යන්න බෑ කියලා අපි විශ්වාස කළා.
අපි මාර්තු 1 වනදාගෙන් පස්සේ ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරවලා මහ මැතිවරණයට යා යුතුයි.
වත්මන් ජනාධිපතිවරයා බොහොම සරළයි, අකුරක් අකුරක් පාසා කැබිනට් පත්‍රිකාව කියවලා ආව එකම ජනාධිපතිවරයා එතුමා තමයි කියලා මම හිතන්නේ..මාත් ජනාධිපතිකම කළානේ.
වැඩ කරන්න ඕනේ කමක් තියෙන ජනාධිපතිවරයෙක් අපිට ලැබිලා තියෙනවා.
අපි දුන්න නියෝගයක් ක්‍රියාත්මක කරපු රජයේ නිලධාරියෙකුට ආරක්ෂාව තියෙන්න ඕනේ.
ඒ නිසා අපි අලුත් ව්‍යවස්ථාවෙන් බලාපොරොත්තු වෙනවා, රාජ්‍ය නිලධාරියා සත්භාවයෙන් කරන කිසිම ක්‍රියාවකට නඩු පවරන්න බෑ කියන එකට යම් පියවරක් ගන්න.”
මිලියන 80 ක වියදමින් ඉදිකළ හාරිස්පත්තුව නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම ඊයේ සිදුකෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
2014 වසරේ ක්‍රියාත්මක කෙරුණු පුරනැගුම ව්‍යාපෘතිය යටතේ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...