මෙතෙක් යුරෝපයේ දි හමු වූ විශාලතම කොරෝනා වෛරස් ආසාදිතයන් ගනන ඉතාලියෙන් හමුවී ඇති බව ඉතාලි සෞඛ්‍යය වාර්තා පෙන්වා දේ.උතුරු ඉතාලියේ ලොම්බාඩි සහ වෙනිටෝ ප්‍රදේශ වල මේ වනවිටත් නිරෝධායන කටයුතු ආරම්භ කර ඇතැයි ඉතාලි ආරංචි මාර්ග පවසයි. වෛරසය ආසාදිත වූවන් 76 දෙනෙකු ඉහත සඳහන් කළ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර මිලාන් නගරයෙන් කිලෝ මීටර 50ක් ඈතින් වූ ප්‍රදේශයක ජීවත්වූ 76 හැවිරිදි කාන්තාවක් වෛරසය ආසාදනයෙන් මිය ගිය පසු පාදුවා නගරය ආසන්නයේ ජීවත් වූ 78 හැවිරිදි පුරුෂයෙකුගේ මර්ණයද වාර්තා විය. ඉතාලියේ වැනීසිය ආශ්‍රිතව උත්සව ආරම්භ වී ඇති අතර ජනගහනය මිලියන 1.4ක් වන මිලාන් ප්‍රදේශයේ මේ වන විටත් කාන්තා විලාසිතා ප්‍රදර්ශන ආරම්භ වී ඇතැයි වාර්තා වේ.මෙවැනි විශාල ලෙස මහජනයා ගැවසෙන උත්සව අවලංගු කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉතාලි බලධාරීන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඉතාලි මාධ්‍යය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු පවසා සිටියේ ඉහත සඳහන් ප්‍රදේශ වල ශ්‍රී ලාංකිකයන් බහුලව රැකියා කටයුතු කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...