තිස් වසරකට පමණ පෙර බිඳ වැටුණු සබඳතා අලූත් කරගන්නට කාලය එළඹිලා. කලින් සැලසුම් නොකළද එය දීර්ඝ ගමනක්. මේ දක්ෂිණ අධිවේගී මාර්ගය. මුහුණු පොතේ ඔහු මෙවැනි සටහනක් තබනවා. පිය උරුමයක මැකීගිය මංසටහන් සොයා දක්ෂිණ දේශයේ තංගල්ලට. සැණෙකින් ඊට ලැබෙන ප‍්‍රතිචාර ඔහු කෙරෙහි වන අපේක්ෂාවෙත් විශ්වසනීයත්වයෙත් පිළිබිඹුවක්.
කෝට්ටේගොඩටත් යන්න, ලූණු කලපුව කඩවත්ත ගොඩක් වෙනස්වෙලා. නායක සහෝදරයා හිටපු තැන් ඒ. භෞතික දේවල් විතරක් නෙවෙයි මිනිස්සුත් වෙනස්වෙලා. ඒත් ඔබට ආදරය කරන මිනිස්සු එතන ඉඳීවි. දිරිගන්වන සුළු එවැනි ප‍්‍රතිචාර ඔස්සෙ ඔහුගෙ ගමන සිදුවෙනවා.
ඔහු උවිඳු විජේවීර. ස්වකීය දේශයට තමන් විශ්වාස කළ දේශපාලන නිවහල්භාවය උදාකරලීමට ගොස් අළුගෝසුවන් විසින් පණපිටින් පිටින් පුළුස්සා දැමූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ලේ උරුමය. රුසියාවේ යුරල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරන අතරතුර මව් රටට පැමිණි උවිඳු තංගල්ලට යන්නෙ නිශ්චිත හේතුවක් මත. ඒ හේතුව ගැන උවිඳු කියන්නෙ මෙහෙම.
අපි ගතකළ කඳවුරු ජීවිතයත් එක්ක තාත්තාගෙ නෑදෑයෝ හිතවතුන් කවුරුවත් එක්ක දීර්ඝ කාලයක ඉඳල කිසිම සම්බන්ධයක් තිබ්බෙ නෑ. ඒ හැම සම්බන්ධයක්ම බිඳ වැටිල තිබ්බෙ. මම හිතන්නෙ අවුරුදු තිහකින් විතර තාත්තගේ නංගිව, ඒ කියන්නෙ අපේ නැන්දා හම්බවෙලා නෑ. ඒක කාගෙවත් බලපෑමට සිදුවුණ දෙයක් නෙවෙයි හමුදා කඳවුරු ජීවිතයත් එක්ක ඒක මගහැරුණා. ඉතින් ලොකු ඕනකමක් තිබුණා මේ ලැබුණ නිදහසත් එක්ක තාත්තගෙ උපන් ගමට ගිහින් නැන්දවත්, හිතමිතුරන්වත් හම්බවෙලා ඒ බිඳවැටුණ සම්බන්ධතා හරිගස්සන්න.
උවිඳු ඒ අතීතය හොයාගෙන මුලින්ම ගියේ හැත්තෑ ඒකේ අරගලයෙදි රෝහණ විජේවීරගෙ සමීපතමයෙකු වූ රාමනායකගෙ නිවසට. ඔහු ජ.වී.ප යට සම්බන්ධ වෙන්නෙ 1968 දී. 71 තරුණ නැගිටීමෙදි මිද්දෙනිය පොලීසියට පහරදීම සම්බන්ධව ඔහු ප‍්‍රධාන චූදිතයෙක්. ඒ නිසා 71 ජූනි අටවනදා පොලිස් අත්අඩංගුවට පත්ව විදුදැය කඳවුරේ වසර හයක් පුනුරුප්ථාපනය වෙනවා. පසුව එයින් නිදහස්ව පක්ෂයේ හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම් වන ඔහු පසුව මධ්‍යම කාරකසභා සාමාජිකයෙකුද නැවතත් ජවීපෙ දෙවන අරගලයෙදි සිරගතවෙනවා. ඉනික්බිතිව පක්ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයට පිවිසිමත් සමග දකුණු පළාත්සභා මන්ත‍්‍රිවරයෙකු ලෙස තේරීපත්වන ඔහු පක්ෂයේ දේශපාලන ක‍්‍රියාකාරකම්වලින් ඉවත්වන්නේ පෙරටුගාමීන් ලෙස පක්ෂය කැඞී බෙදී වෙන්වීමත් සමග. ඔහු දැන් වියපත් පුද්ගලයෙක්. එත් ඒ වියපත් බව පෙණුනේ සිරුරින් මිස අදහස් හෝ මතවාදී අතින් නෙවෙයි. උවිඳුගේ මුහුණින් ඔහු හෙව්වෙ තම ආදරණිය දේශපාලන නායකයාගේ හැඩය. ඒ මොහොත උවිඳුට දැනුනේ කොහොමද කියා මම ඔහුගෙන් විමසුවා.
ඒක හරිම සංවේදියි. ජීවිතයෙදි පළමු වතාවට ඔහු මාව දකින්නෙ. ඒත් ඒ මොහොතේ ඔහුගෙ ඇස් දෙකේ කඳුළු පිරෙනවා. කියාගන්න බැරි ගොඩාක් දේවල් ඒ කඳුළුත් එක්ක පිටවෙන්න ඇති. මම හම්බවෙන්න ගියේ තාත්තත් එක්ක නිකම්ම ව්‍යාපාරයක් කරපු පිරිසක් නෙවෙයි. ජීවිත පරිත්‍යාගයෙන් තාත්තත් එක්ක පුද්ගලික නොවන පොදු අරමුණක් වෙනුවෙන් කැපවුණු, අරගලයක් කළ මිනිස්සු පිරිසක් හමුවෙන්න. ඒ වෙනුවෙන් එයාල ගත්ත මාර්ගය හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඔවුන් තරුණ කාලය කැප කරල තිබුණේ රටේ අනාගතය වෙනුවෙන් අවංකවම. එතනදි රාමනායක අංකල් විතරක් නෙවෙයි හමුවුණ අනිත් හැමෝමත් මා තුළින් තාත්තව දකින්න උත්සාහ කළා වගෙයි මට පෙණුනෙ. ඔවුන්ගෙන් සමහරු දැන් කි‍්‍රයාකාරී දේශපාලනයෙන් ඈත්වෙලා ඉන්න අය.
wije3
කෝට්ටේගොඩ අස්සක් මුල්ලක් නෑර විජේවීරගේ මතක තිබෙනවා. ඒ මතකය වැලලී නොයන්නෙ අරගලයෙදි ජීවිත බේරාගත්ත මිනිස්සු කීපදෙනෙක් තවමත් ජීවතුන් අතර ඉන්න නිසා. ජනතා විමුක්ති පෙරමුණේ දෙවන අරගලය සිදුවූ අසූ අට අසූ නවය කාලෙදි මේ ගමේ පුද්ගලයන් එකසිය හතළියක් පමණ ඝාතනය වෙලා හෝ අතුරුදන් වෙලා. විජේවීරගේ දේශපාලනය නිසා යන්තම් හෝ ඥාති සබඳතාවක් තියෙන අයවළුන්ට පවා ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුව ඇති බවට හෙළි වූ තොරතුරු ඔහුට මේ ගමනෙදි හමුවෙනවා. ඒ සමහරක් පුද්ගලයන් දේශපාලනයට ගෑවුණේවත් නොමැති උදවිය. ඒ ගැන උවිඳුට තිබෙන්නෙ මොනවගේ මතයක්දැයි මම ඒ මොහොතේදී ඇසුවේ නැතත් පසුව ඔහුගෙන් විමසුවා.
අපි කෝට්ටෙගොඩ ඇවිදගෙන යද්දි ගොඩක් තොරතුරු විස්තර කරමින් ගියේ සමිත් අයියා. අපි පසුකරමින් යන හැම ගෙයක් වාගෙම පෙන්නල ඔහු කියනවා, මේ ගෙදර දෙන්නෙක් අරන් ගියා. මේ ගෙදර එක්කෙනෙක්. අර ගෙදර තුන්දෙනෙක්. මට හිතාගන්න බෑ. බැලූවාම හැම ගෙදරකම කව්රුහරි එක්කෙනෙක් දෙන්නෙක් නැතිවෙලා. එහෙම තියද්දි මට ලොකු කම්පනයක් ආවා. ඒ හැමෝම එක්කො තාත්තගෙ නෑදෑයෝ. නැත්නම් ගමේ හිතවත් අය. ඒ ඇතැම් කෙනෙක් සමහරවිට තාත්තාගේ දේශපාලනයත් එක්ක පොඞ්ඩක්වත් සම්බන්ධයක් නැති අය. තාත්තා යහපත් අරමුණක් වෙනුවෙන් දේශපාලනය කරාට ඒකත් එක්ක සම්බන්ධයක් නැති අයට ප‍්‍රශ්න වලට මුහුණ දෙන්න වුණාම එයාලගේ දරුවන්ට වුණත් ඇයි අපිට මෙහෙම වුණේ කියල හිතෙන්න පුළුවන්. ඒ නිසාම තියෙන බැඳීම් බිඳවැටෙන්න පුළුවන්. මට ඒ කම්පනයත් එක්ක හිතුනේ ඒ වෙනුවෙන් මට කරන්න යුතුකමක් තියනවා කියල. මම මේක නිවැරදි කළ යුතුයි.
ඒ සිතුවිල්ල ධාරනය කරගෙන ඔහු ඊළඟට මේ ගමනෙදි බලාපොරොත්තු වූ වැදගත්ම තැනට ළඟා වෙනවා. එය නිසිලෙස නිමා නොකරන ලද දෙමහල් කඩකාමරයක්. කුලී පදනම මත එහි ජීවත්වන කාන්තාව එක්තරා යුගයක මේ රටේ සහෝදර දේශපේ‍්‍රමීන්ට වැදගත් වූ චරිතයක්. ඇය චිත‍්‍රා විජේවීර. රෝහණ විජේවීරගේ නැගණිය. විජේවීර අත්අඩංගුවට පත්වෙන අවසන් මොහොත දක්වාම විජේවීරගේ පවුල අතනොහැර සිටි පවුලේ කිට්ටුම සාමාජිකාව. කඳවුරු ජීවිතය ගෙවද්දි උවිඳුව කුඩා කාලයේ හදා වඩා ගත්ත ඇයව තිස් වසරකට පසු හමුවීම ගැනත් උවිඳු විස්තර කළා.
පළමු දැකීමෙන්ම නැන්දා මාව අඳුන ගත්තා. ඇස්වල කඳුළු පුරවගෙන ටිකක් වෙලා ගල් ගැහිලා ඉඳලා ගේ ඇතුළට එක්ක ගියා. ඇත්තටම ගෙයක් කිව්වට නැන්දා ඉන්නෙ චූටි ඉඩක් තියන කඩකාමරයක. ඉඳගන්න පුටුවක්වත් තිබුණේ නෑ. නැන්දා මට ඒ මොහොතෙ කිව්වා තාත්තා අන්තිමට කළ ඉල්ලීම මම ඉටුකළා පුතේ කියල. හමුදා අත්අඩංගුවට පත්වෙන මොහොතෙදි තාත්තා නැන්දට කියල තියනවා නංගිවයි (විජේවීරගේ බිරිඳ) දරුවන්වයි කවදාවත් අත්හරින්න එපා, නැවත ගෙදරට යන්නත් එපා හමුදාවට බාරවෙන්න කියල. හමුදාවට බාරවෙලා අපි ති‍්‍රිකූණාමලය කඳවුරේ හිටිය මුල් කාලය වෙනකන් නැන්දා අපිත් එක්කම ඉඳල තියනවා. පස්සෙ නිදහස ලැබිල තමයි මෙහෙට ඇවිත් තියෙන්නෙ.
ඒ කිව්ව කරුණුත් එක්ක මට උවිඳුගෙන් කෙළින්ම ප‍්‍රශ්න කීපයක් අහන්න හිතුනා.
ජනතා විමුක්ති පෙරමුණෙන් ඇයට ජීවත්වෙන්න උදව් උපකාර සිදුවෙන් නැද්ද?
ඒ ගැන මම වැඩිදුර කතා කළේ නැහැ. හැබැයි නිහාල් ගලප්පත්ති මන්ත‍්‍රීවරයා යම්කිසි මට්ටමින් දෙයක් කරනවා කියල දැනගත්තා.
wije4
තවමත් ඔබලා ජීවත්වෙන්නෙත් හමුඳා කඳවුරු තුළද, ජවිපයෙන් විජේවීර පවුලට නිවසක් දෙනවා කියල එවකට පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා කියා තිබුණා. ඒ නිවසට සිදුවුණේ මොකක්ද?
අම්මා පක්ෂයත් එක්ක තිබුණ සම්බන්ධතාව බිඳවැටෙන්නත් හේතුවක් වුණේ ඕකමයි. අපිට එක් අවස්ථාවකදි කඳවුරු ජීවිතයෙන් එළියට ගිහින් ජීවත්වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එහෙම එළියට ගිහින් ජීවත්වෙන්න අපිට ආර්ථිකයක් හෝ ගෙයක් තිබුණේ නෑ. ඒ මොහොතේ පක්ෂයේ නායකත්වය දැරුවෙ සෝමවංශ අමරසිංහ. ඔහු අපිට පක්ෂයෙන් ගෙයක් දෙන්න පොරොන්දු වෙලා මහරගම පැත්තෙ ගෙවල් කීපයකුත් බලන්නත් ගියා. නමුත් ආරක්ෂාව යන කාරණය පදනම්ව ඒ මොහොතෙ එය නෑ. හැබැයි අපි කඳවුරෙන් නිදහස්වෙන දිනය වෙද්දි අපිට ගෙයක් දෙන්න රුපියල් කෝටියක් වෙන්කරල තියනවා කියල සෝමවංශ අමරසිංහ මහත්මයා අම්මට කිව්වා. ඒ අතර තමයි පක්ෂ නායකත්වය වෙනස් වෙන්නෙ. නමුත් අපි මේ සම්බන්ධව කතා කළේ සෝමවංශ මහත්තයත් එක්ක නිසා අම්මා මේ ගැන ඔහුගෙන් ඇහුවා. ඔහු එතකොට කිව්වෙ දැන් මම පක්ෂයේ නෑ. අනුර කුමාර ඉන්නෙ. නමුත් සියලූ දේවල් කරල මුදල් වෙන්කරල තියෙන්නෙ. එ නිසා අනුර කුමාරට කතාකරන්න කියල.
ඔබේ මව මේ ගැන අනුර කුමාර දිසානායකගෙන් අසුවද?
මේ ගැන අහන්න කීපවතාවක්ම කතා කළත් අනුර කුමාර දිසානායක ෆෝන්එක ආන්සර් කරලා නෑ. පක්ෂයෙන් කියල තියෙන්නෙ එහෙම දෙයක් වුණේ නෑ, එච්චර වත්කමක් පක්ෂයට නෑ කියල. නමුත් අම්මා ඇහුවේ එවකට නායකයාව සිටි සෝමවංශ අමරසිංහ
වගකීමෙන් කිව්ව දේ. මේ ගොල්ලො ඉතින් එහෙම මුදල් වෙන්කළේ නෑ කියනවා. මම දන් නෑ ඉතින් කව්රු ඇත්ත කියනවද කියල.
පියාගේ උරුමය හොයාගෙන ගියේ රෝහණ විජේවීර නවත්තපු තැනින් දේශපාලන ඉදිරි ගමනකට පුරන්නද?
මගේ පියා ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කළාට මම ජනතා විමුක්ති පෙරමුණේ පුත‍්‍රයා නෙවෙයි. මට එහෙම අයිතියක් නෑ. කොහොමත් මම ඊට වඩා පුළුල්ව දකින්න කැමතියි. රෝහණ විජේ්වීර කරේ ඒ යුගයේ කාර්යභාරයක්. ඒකම මේ යුගයෙ කරන්නත් බෑ ගැළපෙන්නෙත් නෑ. අරගලයක් කරද්දි හරි දේ වෙන්නත් පුළුවන් වැරදි දේ වෙන්නත් පුළුවන්. ලෝක ඉතිහාසයේම අරගල වලදී සිදුවෙලා තියෙන්නෙ එහෙම. මම සියයට සියයක් රෝහණ විජේවීර කරපු හැම දෙයක්ම හරි කියන තැන නෑ. එහෙම කියන්න මට කොන්දක් තියනවා. රටේ අනිත් නායකයන්ගෙ පුතාලට එහෙම කියන්න පුළුවන්ද මම දන්නෙ නෑ. අපි මේ හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියට දකින්නත් පුළුවන් නම් තමයි ඉදිරියට යන්න පුළුවන්.
wije5
නිර්දන පංතිය ගැන කතා කරන බොහෝ අයගේ දරුවො පිටරට ඉගෙන ගන්නෙ කියල චෝදනාවක් තියනවා. කොහෙන්ද මේවට සල්ලි? මිනිස්සු අහන්නෙ එහෙම.
මම රුසියාවේ ඉගෙන ගන්නෙ සම්පූර්ණ ශිෂ්‍යත්වයකින්. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ භාෂාව හදාරල තමයි මට එම අවස්ථාව උදා වුණේ. බුද්ධපි‍්‍රය රාමනායක සහ තාත්තත් සමග දේශපාලනය කළ හිතවතුන් කිපදෙනෙක් මට ඒකට උපකාර කළා. අනිත් අය ගැන කියන්න මම දන්නෙ නෑ. මේ වෙනකොට මම වසර තුනක් වන මගේ ආචාර්ය උපාධියට තියන විභාග වසර දෙකකට කලින් ලියල අවසන් කළා. ඒත් එක්කම මම දෙවනි වතාවටත් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපතීත්වයට පත්වුණා. විශ්වවිද්‍යාලයෙන් ඒ වෙනුවෙන් මට ඉඳුම් හිටුම් වලට සහනයක් සහ සුළු දීමනාවක් ලැබෙනවා. ඒ වගේම ජගත් අන්ද්‍රවංශ අයියා ගොඩක් මට අධ්‍යාපන කටයුතු වලට උදව් කරනවා.
ඔබ ලංකාව තුළ ක‍්‍රියාකාරී දේශපාලනයට කැමති බවයි පේන්නෙ.
පක්ෂ වලට බෙදිලා ඉන්න දේශපාලනයට නම් මම කැමති නෑ. ප‍්‍රතිපත්ති සහ කරන වැඩ අනුවයි මිනිස්සු නායකයන් වටා එකතුවෙන්න ඕන.මට රට වෙනුවෙන් කරන්න ඕන වැඩ කොටසක් තියනවා. ඒ වෙනුවෙන් මම ඉවසීමෙන් බලා ඉන්නවා.
divina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...