අලුතින් සියයක් පාර්ලිමේන්තුවට ජාතික වැඩසටහන පිළිබද කරුණු පැහැදිලි කිරීම සදහා අලුතින් හිතන අපි සමූහය පසුගියදා පැෆරල් සංවිධානය සහ මාර්තු 12 ව්‍යාපාරය හමුවිය. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක හා මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි මහතා අැතුලු නිලධාරීන් වෙත අලුතින් සියයක් පාර්ලිමේන්තුවට යැවීමේ ජාතික වැඩසටහන එහිදී පිළිගැන්විණි. මෙහිදී අලුතින් සියයක් පාර්ලිමේන්තුවට යැවීමේ ජාතික වැදගත්කම පිළිබදවත් ඒ සදහා යෝජිත නිර්ණායක 10 පිළිබදවත් පුළුල්ව සාකච්ඡාවට ලක්වූ අතර පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ විශේෂ ඇගයීමකට එය ලක්විය. ඉදිරියේදී මාර්තු 12 ව්‍යාපාරය සමග එක්ව අලුතින් සියයක් පාර්ලිමේන්තුවට යැවීමේ ජාතික වැඩසටහන ක්රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබදවද මෙහිදී සාකච්ඡාවිය. ඒ අනුව පුළුල් බලවේගයක් ලෙස කටයුතු කිරීමට මාර්තු 12 ව්‍යාපාරය සමග එක්ව කටයුතු කිරීමට ඇතිකරගත යුතු එකගතා සහ යෝජනා පිලිබදව තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී එකගවිය.
මෙම අවස්ථාවට මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කාර මණ්ඩලයේ සාමාජික මංජුල ගජනායක, එහි වැඩසටහන් නිලධාරී උපේක්ෂි ප්රනාන්දු, පබසරී යන මහත්ම මහත්මීන් මෙන්ම අලුතින් හිතන අපි සංවිධානයේ සභාපති තුසිත ජයවර්ධන, ලේකම් තමීර මංජු, ජාතික සංවිධායක මනුල පෙරේරා, භාණ්ඩාගාරික තුෂාන් නිසංසල, කැදවුම්කරු ප්රියදර්ශන බෙන්තොටආරච්චි යන මහත්වරු සහභාගීවිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...