ව්‍යාපාරික පුවත්

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත වැඩිවන ජීවන වියදම සලකා බලා රුපියල් 10,000ක්ව පැවැති මාසික වැටුප රුපියල් 12,500 දක්වා මෙලෙස වැඩි කෙරේ. තවද අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමටද නියමිත බව නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. 2015 වර්ෂයේදී ජාතික කම්කරු උපදේශක සභාව මෙම නිර්දේශ ලබාදී තිබේ. මේ සඳහා ඇමැති මණ්ඩල අනුමැතියද හිමිව ඇති අතර, ඒ සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More