අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල ඉහළ යෑම පිටුපස කුමන්ත‍්‍රණයක් තිබෙනවා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන දාම සහල් මිල වැඩි කළේ ඒ නිසා යැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් සෙනසුරාදා (22 දා) මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීමෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා මෙසේද කීවේය.
එක දවසකින් ලූනු කිලෝවේ මිල රුපියල් 150 කින් ඉහළ ගියා. එය මෙම කුමන්ත‍්‍රණය අනුව සිදුවූවක්.
ලූනු හි`ගයක් පැවතීම ප‍්‍රයෝජනයට ගෙන ව්‍යාපාරිකයන් ලූනු මිල ඉහළ නංවනවා. ලූනු හි`ගයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ලූනු ආනයනය කිරීමට පියවර ගත්තා.
තව සති දෙකකින් ඉන්දියාවේ ලූනු අස්වැන්න ලැබෙනවා. අපේ ලූනු හි`ගය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් වශයෙන් අපට ලූනු ලබාදෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් නිලධාරීන් 27,000 කට උසස් වීම් දුන්නේ උසස් වීම් ලැබිය යුතුව සිටි නිලධාරීන්ටයි. පසුගිය කාලයේ ඔවුන්ට උසස් වීම් ලබාදී තිබුණේ නැහැ. විශේෂ බළකායේ අයටත් උසස් වීම් දෙනවා. පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වූයේ පසුගිය ආණ්ඩුව 2018, 2019 කාලයේ ලබාගත් ණය ගෙවීමටයි. අපි ගත් ණයක් ගෙවීමට නොවෙයි. යෝජනාව සම්මත කර ගැනීමට ලැබුණා නම් සිංහල අවුරුද්දට දරුවන්ට ඇඳුමක්, කිරිබත් ටිකක් හදා දෙන්ට, කම්කරුවන්ට මුදල් ටිකක් ලබාදීමට අවස්ථාව තිබුණා. ව්‍යාපාරිකයන්ට මුදල් ලැබුණාම සේවකයන්ට පඩිනඩි ගෙවීම් සිදුකරන්නට අවස්ථාව ලැබෙනවා.
අපි යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නම් යෝජනාව පරද්දන්නට විරුද්ධ පක්‍ෂය සූදානම් වෙලා සිටියේ. ඒ බව දැනගත් නිසා යෝජනාව ඉදිරිපත් කළේ නැහැ. අපේ යෝජනාවක් සම්මත කර ගැනීමට දයා ගමගේ මහතා හෝ එක්සත් ජාතික පක්‍ෂය හෝ ඡුන්දය දෙන්නේ නැති බව අප දන්නවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වූ ලොහාන් රත්වත්තේ සහ දිලූම් අමුණුගම, මහනුවර හිටපු පුරපති ශ‍්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහෙන්ද්‍ර රත්වත්තේ මහතා ඇතුළු කීප දෙනෙක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...