ප‍්‍රධාන පුවත්

ඉතාලියේ ඇතිවී තිබෙන කොරෝනා වෛරස් වසංගත තත්වය හේතුවෙන් ඉතාලියට ඇතුලුවන සහ ඉතාලියෙන් පිටවන සියලුම දුම් රිය සේවා අවලංගු කිරීමට ඔස්ට්‍රියා බලධාරීන් කටයුතු කර ඇති බව එරටින් ලැබෙන මාධ්‍යය වාර්තා සඳහන් කරයි.
ඉයුරෝසිටි 86 නම් දුම් රිය ඉතාලියේ සිට ඔස්ට්‍රියාවට පැමිනෙන අතර තුර බ්‍රෙනර් පාස් නම් ඔස්ට්‍රියා ඉතාලි දේශසීමාවේ දී ඉතාලි බලධාරීන් හට කොරෝනා වෛරස් ආසාදිත උන රෝගයේ ලක්ෂන පෙන්නුම් කෙරුනු දුම් රිය මගීන් දෙදෙනෙකු හමුවූ බව ඔස්ට්‍රියානු බලධාරීන්ට දැන්වූ පසු, ඔස්ට්‍රියානු බලධාරීන් දුම් රිය ගමන් අත් හිටුවීමට කටයුතු කර ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ඔස්ට්‍රියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යය කාල් නේමර් මහතා” ජර්මනියේ මියුනිච් නුවර දක්වා ගමන් කරන දුම් රියක කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක කරන මගීන් දෙදෙනෙකු හමුවීමෙන් පසු දුම් රිය ආපසු ඉතාලි දේශ සීමාවට හරවා යවනු ලැබුවා” යැයි මාධ්‍යට පැවසුවේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඔස්ට්‍රියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු පැවසුවේ , මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපයේ දේශසීමා වසා දැමූ පළමු අවස්ථාව බවට ඔස්ට්‍රියා-ඉතාලි දේශසීමාව වසා දැමීම පත්වන බවයි.
මධ්‍යධරණී රටක් ලෙසත් කොරෝනා වෛරසය ආසාදිතයින් මියගිය පළමු රට ලෙසත් කොරෝනා වෛරස ආසාදිතයින් ගේ යුරෝපා අපිකේන්ද්‍රය ලෙසත් හඳුනාගෙන ඇති ඉතාලිය තුළ මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයින් 100 දෙනෙකු පමණ හමුවී ඇති බවත් අඩුම තරමින් මේ වන විට කොරෝනා වෛරස් ආසාදිත මරණ තුනක් සිදුවී ඇති බවත් විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති.
කොරෝනා වෛරසය දරුනුවටම පැතිර යන ඉතාලියේ මිලාන් ආශ්‍රිත ප්‍රදේශය ශ්‍රී ලාංකිකයන් බහුල ලෙස ජීවත් වන ප්‍රදේශයක් බව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලංකිකයෝ පවසති.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More