දේශීය පුවත්

හෙට (07) දින සවස 3.00ට නුගේගොඩදී පැවැත්වීමට නියමිතව තිබු ආණ්ඩුවට එරෙහි ජනරැළිය අවලංගු කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකිර්ණයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මහනුවර දිගන ඇතිවූ සිද්ධි වලින් පසුව රටේ පවතින වාතාවරණය ගැන සොයාබලා මෙම තීරණය ගත්බව නුගේගොඩ ජනරැළියේ සමසංවිධායක ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

මේ මොහොතේ ජාතිවාදී ගැටුම් ඇතිකර ආණ්ඩුව යම් යම් වාසි ලබාගැනීමට උත්සාහයක් ගනිමින් සිටින බවද රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
නුගේගොඩ රැළිය ඉදිරියේදී පවත්වන බවත් එම දිනය පසුව දැනුම්දෙන බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More